Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්

5 minutes ago

අනුරාධපුර තුරුවිල ජල පිරිපහදු මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (22) පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය 8ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව, විජේපුර ජල සම්පාදන ක්‍රමය යටතේ විජේපුර, පාලඩිකුලම, නෙළුම්කුලම සහ කවරක්කුලම යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු බවයි සඳහන් වන්නේ.

නාච්චාදුව ජල සම්පාදන ක්‍රමය යටතේ නාච්චාදුව, හිදෝගම, තුරුවිල සහ නෙල්ලිකුලම යන ප්‍රදේශවලට ද, තලාව ජල සම්පාදන ක්‍රමය යටතේ තලාව, ශ්‍රාවස්තිපුර සහ දෙකේ කණුව යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

මේ අතර, අනුරාධපුර නගරයේ දෙවන සහ තුන්වන අදියරවලට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බවද මණ්ඩලය සඳහන් කරනවා.

වඩා ගුණාත්මක ජල සේවාවක් ලබාදීම සඳහා මෙම නඩත්තු කටයුතු සිදුකරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කරන මණ්ඩලය, රැස්කර ගන්නා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද දැනුම් දෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *