මන්නාරම – තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගයේ කිළියන්කුඩියිරුප්පු ප්‍රදේශයේ අද (24) පස්වරුවේ යුද හමුදා රථයක් අනතුරට ලක්වීමෙන් සෙබළෙකු මියගොස් තිබේ.
ඉන් තවත් 11 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර ඔවුන් පේසාලෛ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇත.
තලෙයිමන්නාරමේ සිට මන්නාරම දෙසට ගමන් කරමින් තිබූ යුද හමුදා ඩිෆෙන්ඩර් රථයක් පාලනයෙන් මිදී මාර්ගය අසල තිබූ තල් ගසක ගැටීමෙන් මෙම අනතුරව සිදුව ඇති බව සඳහන්ය.
අනතුරින් ඩිෆෙන්ඩර් රථයට දැඩි හානි සිදුව ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.

පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා
රඹුක්කන සහ පේරාදෙණිය – ගම්පොළ අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි
ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ
ත්‍රෛනිකායික මහනාහිමිවරුන් සත්‍යග්‍රහයේ නිරත වූ මහා සංඝරත්නයට නිකුත්කළ ලිපිය
විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහය අත්හිටුවයි
කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්‍යාව 10 දක්වා ඉහළට
ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට! ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක්!
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්