අධ්යාපන පද්ධතියට ඉහළම සුදුසුකම් හා කුසලතාවලින් යුත් මානව සම්පතක් එක්කර ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරමින් පවතින බව අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඇය මේ බව ප්රකාශ කළේ, කඩවලවැව මහා විද්යාලයේ ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (24) එක්වෙමිනි.
මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රජය රුපියල් මිලියන 55ක පමණ මුදලක් වැය කර ඇති අතර, එය ප්රාථමික පන්ති කාමර අටකින් සමන්විත වන බව සඳහන්ය.
අග්රාමාත්යවරියගේ සහභාගීත්වයෙන් නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව, සිසුන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ ඇය පන්ති කාමර නිරීක්ෂණය කිරීමට ද එක්වූවාය.
එහිදී අදහස් පළ කරමින් ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කළේ, 2027 වසරේදීත් අධ්යාපන පරිවර්තනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වන බවය.
”අපි මේ වසරේ සිට ක්රියාත්මක කරන අධ්යාපන ප්රතිසංස්කරණවල ප්රධාන අරමුණ වෙන්නේ දැනුමෙන්, කුසලතාවලින් සහ යහපත් වටිනාකම්වලින් පිරිපුන් පුරවැසියෙක් රටට දායාද කිරීමයි.
මෙතෙක් අපේ අධ්යාපන ක්රමය තුළ වැඩි අවධානයක් යොමු වුණේ දරුවන්ට දැනුම ලබාදීලා විභාග සඳහා සූදානම් කිරීම කෙරෙහියි. නමුත් අපිට අවශ්ය වෙන්නේ ලබාගන්නා දැනුම ප්රායෝගිකව යොදාගනිමින් සමාජයේ ගැටලු විසඳන්නත්, නව නිර්මාණ බිහිකරන්නත් හැකියාව තියෙන දරුවන් පිරිසක් බිහිකරන්නයි.
ඒ වෙනුවෙන් නව විෂයමාලා හඳුන්වාදීම, ගුරු පුහුණුව සහ පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු වැඩපිළිවෙළ රැසක් අපි ක්රියාත්මක කරමින් සිටිනවා. ඒ වගේම 2027 වසරේදීත් අධ්යාපන පරිවර්තනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
වසර ගණනාවක් ප්රමාද වී තිබුණු ගුරු සහ විදුහල්පති බඳවා ගැනීම් නැවත ආරම්භ කරමින්, කුසලතා සහ හැකියාවන්ට ප්රමුඛත්වය දී අධ්යාපන පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමටත් අපි කටයුතු කරනවා.
දෙමාපියන්ගේ ලොකුම බලාපොරොත්තුව තමන්ගේ දරුවන්ට හොඳ අධ්යාපනයක් ලබාදීලා, තමන්ට වඩා ඉදිරියට ගෙන යාමයි. ඒ නිසා දරුවන්ගේ අධ්යාපනය වෙනුවෙන් දෙමාපියන් දරන බර අඩුකරමින්, ඒ වගකීමෙන් කොටසක් රජයක් විදිහට අපිත් භාරගත යුතුයි.
අපේ දරුවන්ට විශාල දක්ෂතා සහ හැකියාවන් තියෙනවා. ඒ දක්ෂතා වර්ධනය කරගෙන රටේ අනාගත සංවර්ධනයට දායක වෙන්න අවශ්ය අවස්ථා ඔවුන්ට ලබාදීම තමයි අපේ අරමුණ. ඒ වෙනුවෙන් තමයි අපි මේ අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාත්මක කරන්නේ.”

10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි
තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට
වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ
“රටට යහපතක් වෙනවා නම් දින 500ක් වුණත් සිරගතව ඉන්න සූදානම්” – නාමල් රාජපක්ෂගෙන් විශේෂ ලිපියක්