ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ වප් පුර පසළොස්වක පොහොය අද (25) දිනට යෙදී තිබෙනවා
පෙර වස් සමාදන් වූ භික්ෂුන් වහන්සේලා මහා පවාරණයෙන් වස් පවාරණය කිරීම ඇතුළු සුවිශේෂී සිදුවීම් රැසක් වප්පුර පසළොස්වක පොහෝ දින සිදුවීම විශේෂත්වයක්.
වසරේ වස් කාලය සැලකෙන්නේ වැසි බහුල කාලයයි. වැස්ස බහුලවීම නිසා පොළොව මතුපිට පණුවන්, කෘමීන් වැනි කුඩා සත්වයින් විශේෂ බහුල ලෙස මතුපිටට පැමිණෙයි. මේ නිසාම සතුන්ගේ ජීවය රැකීම පිණිස ඇවිදීමෙන් වැළකී සිටීම එකල බමුණන්ගේ පිළිවෙනයි. මේ නිසා වැසි සමයේ එක් තැනකට වී සිටි නිසා ඔවුන් ගෙයින් ගෙට ගමන් කිරීමක් සිදු වූයේ නැහැ. එහෙත් භික්ෂූන් වහන්සේලා පිඬුසිඟා වැඩීමට, ධර්ම ප්රචාරක කටයුතුවල නිරත වීමට එකල සමාජයේ විරෝධතාවක් එල්ල වී තිබේ. එසේම වර්ෂා කාලයේ පිඩුසිඟා වැඩීම ධර්ම ප්රචාර කටයුතුවල යෙදීම භික්ෂූන් වහන්සේලාට දුෂ්කර වූ බැවින් වස් සමය හෙවත් වප් මාසය පන්සලේ හෝ ආරණ්ය සේනාසනයේ හෝ වැඩ වාසය කරමින් භික්ෂුන් වහන්සේලාට කල්ගත කරන මෙන් බුදුන් වහන්සේ අනුදැන වදාළහ. ඉන්පසුව භික්ෂුන් වහන්සේලා මෙම කාලයේ වස් විසීම ආරම්භ කළහ.
බෞද්ධ ජනතාව කඨින චීවර පූජාව මහත් බැති සිතින් සිදු කරනු ලබයි.
මෙය උදා වන්නේ වසරේ එක් පෝය දිනක දී පමණක් වීමද සුවිශේෂී කරුණක්.
කඨින චීවර පූජාව උතුම් පූජාවක් ලෙස සැලකීම ථෙරවාදී බුදුදහම පවතින සෑම රටකම චිරාගත බෞද්ධ චාරිත්රයක්.
එම සාම්ප්රදායික චාරිත්රයට අනුව අප රට තුළද කඨින චීවර පූජාව දැකගත හැකියි.
වසරකට සැරයක් එක් පන්සලකදී එක් කඨින චීවරයක් පිරිනමන නිසාම මෙහි ආනිශංසය වැඩි බවයි බෞද්ධ ප්රජාවගේ මනය වන්නේ. මේ නිසා කඨින පූජාවන් සඳහා හතර පේරුවේ දායක කරකාදීන් ඉමහත් බැති සිතින් දායක වෙයි. මේ නිසා වප් පොහෝය කඨින පොහොය ලෙසද ජනතාව හඳුන්වයි.
සැරියුත් මහ රහතන් වහන්සේ ප්රඥාලාභී භික්ෂුන් වහන්සේලා අතර අග්රස්ථානයට පත්වන්නේද අද වන් උතුම් පොහෝ දිනක වීමද විශේෂත්වයක්.
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම වීමෙන් පසු භික්ෂුන් වහන්සේලා කැඳවා විනය සංගායනාවක් පවත්වන්නේද අද වන් වප්පුර පසළොස්වක පොහෝ දිනකයි.
එසේම දේවානම්පියතිස්ස රජතුමා ධර්මාශෝක අධිරාජ්යයා වෙන අරිට්ඨ කුමරු ඇතුළු දූත පිරිසක් පිටත් කර හැරීමත් එහිදී ජය ශ්රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීමට සැලසුම් කිරීම සහ සඟමින් තෙරණින් වහන්සේ ලක්දිවට වැඩම කරවීම අරමුණු වන්නේ ද මෙවන් පුන් පොහෝ දිනකයි.

10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අධ්යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්
අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි
තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට
වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ
“රටට යහපතක් වෙනවා නම් දින 500ක් වුණත් සිරගතව ඉන්න සූදානම්” – නාමල් රාජපක්ෂගෙන් විශේෂ ලිපියක්