Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?

4 minutes ago

ගම්මාන ආශ්‍රිතව වෙසෙන ඇතුන් 13 දෙනෙකුගේ ආරක්ෂාව සඳහා හමුදා අනුඛණ්ඩ යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳී මහතා පැවසුවේ අද(24) සිට ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ ඉදිරියේදී තවත් පුළුල් කිරීමට කටයුතු කරන බවයි.

ගම්මාන ආශ්‍රිතව වෙසෙන ඇතුන් දහතුන් දෙනෙකු පමණ අනාරක්ෂිත බව මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

එම ඇතුන් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (23) පරිසර අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, යුද හමුදාපති ලුතිනන් ජනරාල් නිලන්ත ප්‍රේමරත්න වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ සහ ස්වේච්ඡා සංවිධාන සාමාජිකයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

මේ ඇතුන් 13 දෙනා කවුද?

කුමන, ආරුගම්බේ ප්‍රදේශයේ සැරිසරන මහානාම, බූන්දල, වීරවිල සැරිසරන කාශ්‍යප, දිගම්පත හා මින්නේරියේ වෙසෙන විජයබා, කලාවැව ප්‍රදේශයේ වෙසෙන සුරනිමල, මහකනදරාවේ අග්බෝ, උඩවලවේ සුමේධ, මැදවච්චිය, හලාවත ප්‍රදේශයේ සැරිසරන සූර්යයා, ලුණුගම්වෙහෙර සැරිසරන මහාසේන, මහවිලච්චියේ සැරිසරන දීඝාභය, යාන්ඔය, වාහල්කඩ, පදවිය යන පෙදෙස්වල සැරිසරන ගජබාහු, මුලතිව්හි වෙසෙන වන්නියා සහ මාදුරු ඔය ප්‍රදේශයේ සැරිසරන ඇතෙක් ඊට ඇතුලත්.

ඒකාබද්ධ වැඩපිළිවෙළක් යටතේ මෙම ඇතුන් සුරක්ෂිත කිරීමට නියමිතයි.

ඊට සමගාමීව ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් මගින් එය සම්බන්ධීකරණය කිරීමටත් අදාළ ප්‍රදේශවල ජනතාව ඒ සඳහා සහභාගී කරවා ගැනීම සම්බන්ධයෙන්ද ඊයේ සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

මේ වැඩපිළවෙළ ක්‍රියාත්මක කෙරෙන්නේ කොහොමද?

මේ සම්බන්ධයෙන් අදහස් පළකළ වෛද්‍ය ධම්මික පටබැඳි මහතා

“ ඒ හඳුනාගත් ප්‍රදේශ 13හි හමුදා අනුඛණ්ඩ යොදා ගනිමින් ඒ වගේම ඒ ප්‍රදේශ 13හි වනජීවී නිලධාරීන්, වනජීවි කාර්යාල සම්බන්ධීකරණය කරමින් විශේෂ ඒකකයක් පිහිටුවන්න මෙන්න මේ ඒකකය මගින් ඇතුන් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවෙමින්, තොරතුරු හුවමාරු කර ගනිමින් කිසියම් අනතුරක් හෝ කිසියම් මැදිහත්වීමක් අවශ්‍ය මොහොතකදී වහාම මැදිහත්වීම සඳහා අවශ්‍ය කරන යාන්ත්‍රණයක් අපි සකස් කළා. මේ යාන්ත්‍රණය අද දිනයේ සිට ක්‍රියාත්මක වෙනවා. මේ කෙටි කාලීන් වැඩපිළිවෙළ දිගු කාලීන වැඩපිළිවෙළක් බවට පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා දෙවෙනි අදියර හැටියට.”

මේ අතර පොළොන්නරුව කලහාගල ප්‍රදේශයේ නව ඇත් අතුරු සෙවණක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හෙක්ටයාර 15ක පමණ භූමි ප්‍රමාණයක් ඒ සඳහා වෙන් කරන බවට වාර්තා වී තිබෙනවා.

අලි මිනිස් ගැටුම්, ගංවතුර හා දුම්රිය අනතුරු ඇතුළු විවිධ ආපදා හේතුවෙන් මව් ඇතිනියන්ගෙන් වෙන්වන සහ තුවාල ලබන අලි පැටවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම එහි අරමුණයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *