Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලූලාගේ ජයග්‍රහණය ගැන ජනපති අනුරගෙන් සටහනක්

5 minutes ago

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක සිය X ගිණුම හරහා සුබපැතුම් එක්කර තිබෙනවා.

එහිදී ජනපතිවරයා සඳහන් කර ඇත්තේ, බ්‍රසීල ජනතාව මෙවර ජයග්‍රහණය කළේ හුදෙක් මැතිවරණයක් පමණක් නොවන බවත්, ඔවුන් දූෂණය, බෙදීම් සහ දේශපාලනික අසත්‍යයන් පරාජය කිරීමට සමත් වූ බවයි.

ලූලාගේ මෙම ඓතිහාසික ජයග්‍රහණයෙන් පැහැදිලි වන්නේ, බංකොලොත් දේශපාලන රාජවංශවලට සහ යුක්තියට වඩා බලය උසස් යැයි විශ්වාස කරන අතීතයේ සෙවණැලිවලට තවදුරටත් ජනතාව රැවටීමට නොහැකි බවයි” යනුවෙන් එම සටහනේ සඳහන්.

තවද, ප්‍රගතිය උදෙසා වන ඉදිරි ගමන නැවත වරක් මෙහෙයවීම වෙනුවෙන් ඔහු ලූලා වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *