පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ වාන් දොරටු ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකා මහවැලි අධිකාරිය විසින් පූර්ව දැනුම්දීමක් නිකුත් කර තිබේ.
අද දින (26) මධ්යහන 12.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව, ජලාශයේ වත්මන් තත්ත්වය පහත පරිදි වේ.
ඉදිරියට ලැබෙන වර්ෂාපතනයත් සමඟ ජලාශයට ලැබෙන ජල ධාරිතාව සීග්රයෙන් ඉහළ යා හැකි බැවින්, පහත ප්රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස අවධාරණය කරයි.
කොත්මලා ඔය ආශ්රිතව – නුගවෙල, රිවර්සයිඩ් සහ මාවතුර ප්රදේශ.
මහවැලි ගඟ ආශ්රිතව -උලපනේ ප්රදේශයේ සිට ගම්පොළ, වැලිගල්ල, ගෙළිඔය, පේරාදෙණිය, කටුගස්තොට සහ පොල්ගොල්ල දක්වා ප්රදේශ.
ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට ප්රථම යළිත් වරක් දැනුම්දීමක් කිරීමට නියමිත අතර, මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්රදේශවලට ලැබෙන වර්ෂාව හේතුවෙන් ජලාශයෙන් ජලය මුදා හැරීමකින් තොරව වුවද ගඟේ ජල මට්ටම ඉහළ ගොස් පහත් බිම් යටවීමේ අවදානමක් පවතී.
එබැවින්, ගඟ අවට පහත් බිම්වල වාසය කරන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව තම ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස වැඩිදුරටත් දැනුම් දී ඇත.
ජල මට්ටම – 696.96 m/MSL (මුහුදු මට්ටමේ සිට මීටර්)
පූර්ණ ධාරිතාව – 78.71% ක්
තවද උපරිම ජල සැපයුම් මට්ටම වන 703.00 m/MSL වෙත ළඟා වීම සඳහා 36.381 MCM (ඝණ මීටර් මිලියන) ප්රමාණයක හිස් අවකාශයක් පවතින බවද දැනුම් දී ඇත.

දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් කලාප 28ක්
කෙහෙළියට විදෙස් ගමන් තහනමක්
ගැඹුරු පීඩන අවපාතය ‘ඔර්නබ්’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් විශේෂ නිවේදනයක්!
ඔර්නබ් බලපෑමෙන් දිස්ත්රික්ක කිහිපයකට දැඩි වර්ෂාපතනයක්
කොග්ගලදී දුම්රියේ ගැටුණු බස් රථයේ ප්රවාහන බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කෙරේ
කළු ගඟ ආශ්රිතව ගංවතුර අනතුරු ඇඟවීම්
තරු පහේ හෝටලයට එරෙහිව නඩු පැවරවීමට සැරසෙන බලංගොඩ කස්සප හිමි
අයවැය විවාදය පැවැත්වෙන කාලය තුළ මැති, ඇමතිවරු ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට විදේශ සංචාර තහනමක්
අද කුඩයක් නැතිව එළියට යන්න එපා
බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් රතු නිවේදනයක්!
ලංකා IOC ඔක්ටේන් 95 පෙට්රල් මිල ඉහළ දමයි
පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා