ප්රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ සිද්ධියට අදාළව අධිකරණය නියම කළ වන්දි මුදල් සම්පූර්ණයෙන් ගෙවා අවසන් නොකළ හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් සිව්දෙනෙකු බැඳුම්කර මත මුදා හැරීමට ශ්රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
එමෙන්ම, ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ද ශ්රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවයි සඳහන්.
ඉකුත් රජය සමයේ ප්රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ ක්රියාවලිය හරහා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දු කළ ශ්රේෂ්ඨාධිකරණය, එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පස්දෙනෙකුට වන්දි ගෙවන ලෙස ඉකුත් මාර්තු මාසයේදී නියම කර තිබුණා.
එහිදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රුපියල් මිලියන 75ක වන්දි මුදලක් ගෙවන ලෙස නියම කර තිබූ අතර, ඉන් රුපියල් මිලියන 20ක් ගෙවා ඇති බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබෙනවා.
අදාළ වන්දි මුදල් නියමිත පරිදි නොගෙවීම තුළින් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා සංවිධානය ගොනු කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දුන්නා.

දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් කලාප 28ක්
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීම ගැන පූර්ව දැනුම්දීමක්
ගැඹුරු පීඩන අවපාතය ‘ඔර්නබ්’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් විශේෂ නිවේදනයක්!
ඔර්නබ් බලපෑමෙන් දිස්ත්රික්ක කිහිපයකට දැඩි වර්ෂාපතනයක්
කොග්ගලදී දුම්රියේ ගැටුණු බස් රථයේ ප්රවාහන බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කෙරේ
කළු ගඟ ආශ්රිතව ගංවතුර අනතුරු ඇඟවීම්
තරු පහේ හෝටලයට එරෙහිව නඩු පැවරවීමට සැරසෙන බලංගොඩ කස්සප හිමි
අයවැය විවාදය පැවැත්වෙන කාලය තුළ මැති, ඇමතිවරු ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට විදේශ සංචාර තහනමක්
අද කුඩයක් නැතිව එළියට යන්න එපා
බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් රතු නිවේදනයක්!
ලංකා IOC ඔක්ටේන් 95 පෙට්රල් මිල ඉහළ දමයි
පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා