Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කළු ගඟ ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීම්

3 hours ago

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරි පැය 24ක කාලය තුළ කළු ගඟ ද්‍රෝණිය ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම්.

ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම්.

අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන් මෙන්ම එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ග භාවිත කරන රියදුරන් ඉදිරි පැය 24 තුළ දැඩි අවධානයෙන් සහ විමසිලිමත්ව පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *