සම්පත් බැංකුවේ මූල්‍ය තත්වය අස්ථාවර වී ඇති බවට පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවතක් ප්‍රචාරය වී තිබුණා. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සම්පත් බැංකුවේ පාලනාධිකාරිය පවසා සිටියේ එම ගෙනයන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යය බවයි.
ශ්‍රී ලංකාව තුල ඇති බැංකු අතරින් ඉහළම ස්ථානයක සිටින තම බැංකුවට මෙම අසත්‍ය පුවත් ප්‍රචාරය කරන පිරිස විසින් වෛරීසහගත ලෙස මඩ ප්‍රචාරණයක නිරත වී සිටින බවයි ඔවුන් සඳහන් කර සිටියේ.
මෙම අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් සයිබර් අපරාධ කොට්ඨාශයට පැමිණිලි කිරීමට බැංකුව විසින් කටයුතු කර තිබෙනවා. ඒ අනුව මෙම මඩ ප්‍රචාරයන්ට සම්බන්ධ සියළුදෙනා හැකි ඉක්මණින් නීතිය හමුවන පැමිණවීමට කටයුතු කරමින් සිටින බව නිවේදනයක් නිකුත් කරමින් බැංකුවේ පාලනාධිකාරිය සඳහන් කර තිබෙනවා.
තම බැංකුවේ ස්ථාවර භාවය පිළිබඳව සියලුම ගණුදෙනුකරුවන්ට හා පාර්ශවකරුවන්ට කිසිදු ආකාරයක බියක් ඇති නොකරගන්නා ලෙසත් බැංකුවේ ස්ථාවර භාවය පිළිබඳව තමන් සහතික කොට සිටින බවත් ඔවුන් වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා..
එම නිවේදනය පහතින්.




සජබ අපේක්ෂකයෙක් ඝාතන තැතට සැකකරුවන් 3ක් සහ සැකකාරියෙක් අත්අඩංගුවට
කොටස් වෙළෙඳපොළ මන්දගාමී වෙයි
ඔස්ට්‍රේලියාවට ජය
රාජගිරියේ සවල් චණ්ඩි 16දා තෙක් රිමාන්ඩ්! ජනප්‍රිය නිරූපණ ශිල්පිණියකගේ පුත්‍රයාත් ඒ අතර!
දීගල සමන්ට අයත් කෝටි ගණනක නිවසක් තහනම් කරයි
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන සාකච්ඡාවක්
වැටුප් හා දීමනා සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් සුබ ආරචියක්
ශ්‍රී ලංකාව සඳහා වන ADB නව අධ්‍යක්ෂවරිය අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
සමාගම් ලොක්කෙක් අත්අඩංගුවට
ක්‍රිකට් ලොවම අන්දමන්ද කළ පැය හතරක හෝරාව! දෙවෙනි සුපිරි පන්දුවාරයෙන් ජය සපුරා ගනී!
කස්සප හිමි එළියට
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අද ලැබුණු නියෝගය