Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන සාකච්ඡාවක්

6 hours ago

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් නියෝජිතයින් සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අධිකරණ අමාත්‍යංශයේදී පැවැති මෙම හමුවේදී පනත් කෙටුම්පතේ අන්තර්ගතය සහ එහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමු වූ බව අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම අවස්ථාවට යුරෝපා සංගමයේ ආසියා සහ පැසිෆික් කලාපයේ වැඩබලන කළමනාකරණ අධ්‍යක්ෂ පවෝලා පැම්පලව්නි මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ මානව හිමිකම් සුරැකෙන පරිදි නව නීති සම්පාදනය කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *