වත්මන් රජය සුදුසුකම් හා පළපුරුද්දක් නොමැති පක්ෂ හිතවතුන් තනතුරුවලට පත් කරමින් රටේ ඉතිරිව පවතින රාජ්‍ය සේවය ද විනාශ කරමින් සිටින බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය චෝදනා කරයි.
ඇය මේ බව සඳහන් කර ඇත්තේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදෙස් සංචාරයක අරමුදල් අනුමත කිරීමේ සිද්ධියකට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිබඳව ඇය මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත.
තමා ඔහු පෞද්ගලිකව හඳුනන බවත්, ඔහු ඉතා අවංක මෙන්ම ඉහළ වෘත්තීය මට්ටමක රාජ්‍ය නිලධාරියෙකු බවත් ඇය එහි සඳහන් කර තිබේ.
යුක්තිය පසිඳලීම තෝරාගත් පිරිසකට පමණක් සීමාවීම රටේ පාලන පද්ධතියට බරපතළ තර්ජනයක් බව ද ඇය අවධාරණය කරයි.
වෘත්තීය මට්ටමේ සහ අවංක රාජ්‍ය සේවයකින් තොරව රජයකට ඉදිරියට යා නොහැකි බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිනිය, දේශපාලන නායකයන්ට පරිපාලන පළපුරුද්දක් නොමැති වුවද ඔවුන්ට නොසැලෙන අවංකභාවයක් තිබිය යුතු බවත්, රට පාලනය කිරීමේදී වෘත්තීය නිලධාරීන් මත විශ්වාසය තැබිය යුතු බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

සජබ අපේක්ෂකයෙක් ඝාතන තැතට සැකකරුවන් 3ක් සහ සැකකාරියෙක් අත්අඩංගුවට
කොටස් වෙළෙඳපොළ මන්දගාමී වෙයි
ඔස්ට්‍රේලියාවට ජය
රාජගිරියේ සවල් චණ්ඩි 16දා තෙක් රිමාන්ඩ්! ජනප්‍රිය නිරූපණ ශිල්පිණියකගේ පුත්‍රයාත් ඒ අතර!
දීගල සමන්ට අයත් කෝටි ගණනක නිවසක් තහනම් කරයි
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන සාකච්ඡාවක්
වැටුප් හා දීමනා සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් සුබ ආරචියක්
ශ්‍රී ලංකාව සඳහා වන ADB නව අධ්‍යක්ෂවරිය අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
සමාගම් ලොක්කෙක් අත්අඩංගුවට
ක්‍රිකට් ලොවම අන්දමන්ද කළ පැය හතරක හෝරාව! දෙවෙනි සුපිරි පන්දුවාරයෙන් ජය සපුරා ගනී!
කස්සප හිමි එළියට
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අද ලැබුණු නියෝගය