තමන්ට එරෙහිව අපහාසාත්මක සහ අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසි යැවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පියවර ගෙන තිබේ.
අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් ඊයේ (08) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පසුගිය 06 වනදා හෝ ඒ ආසන්න දිනකදී විමල් වීරවංශ මහතා විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙම පියවර ගත් බවයි.
අදාළ නිවේදනයට අනුව, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අසාධු ලේඛනගත ඖෂධ සමාගමක අයිතිකරුවෙකුගේ ණය කාඩ්පතක් (Credit Card) භාවිතා කරමින් ඉන්දියාවේදී රුපියල් මිලියනයක පමණ භාණ්ඩ මිලදී ගෙන ඇති බවට විමල් වීරවංශ මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.
මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත එකක් බවත්, අමාත්‍යවරයාගේ කීර්තිනාමයට හා මහජන විශ්වාසයට හානි කිරීමේ අරමුණින් එය සිදු කර ඇති බවත් එහි සඳහන් වේ.

කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි