තමන්ට එරෙහිව අපහාසාත්මක සහ අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසි යැවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පියවර ගෙන තිබේ.
අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් ඊයේ (08) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පසුගිය 06 වනදා හෝ ඒ ආසන්න දිනකදී විමල් වීරවංශ මහතා විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙම පියවර ගත් බවයි.
අදාළ නිවේදනයට අනුව, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අසාධු ලේඛනගත ඖෂධ සමාගමක අයිතිකරුවෙකුගේ ණය කාඩ්පතක් (Credit Card) භාවිතා කරමින් ඉන්දියාවේදී රුපියල් මිලියනයක පමණ භාණ්ඩ මිලදී ගෙන ඇති බවට විමල් වීරවංශ මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.
මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත එකක් බවත්, අමාත්‍යවරයාගේ කීර්තිනාමයට හා මහජන විශ්වාසයට හානි කිරීමේ අරමුණින් එය සිදු කර ඇති බවත් එහි සඳහන් වේ.

චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට