Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාළු මිල ඉහළ යන ලකුණු

4 hours ago

ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර (Winch) යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ධීවරයින් ආරම්භ කළ සත්‍යග්‍රහය හේතුවෙන් වෙළෙඳපොළේ මාළු මිල ගණන් ඉහළ ගොස් තිබේ. මාදැල් ධීවරයින්ගේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයත් සමඟ වෙළෙඳපොළට ලැබෙන මත්ස්‍ය තොග සීමාවීම මීට ප්‍රධාන හේතුව වී ඇත.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ වෙළෙඳුන් පවසන්නේ, මත්ස්‍ය අස්වැන්න අඩුවීම නිසා තොග මිල මෙන්ම සිල්ලර මිල ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි. අද (10) දින පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සටහන් වූ තොග මිල ගණන් පහත දැක්වේ:

කෙලවල්ලා මාළු කිලෝවක් රුපියල් 2,700ක්, තෝර මාළු කිලෝවක් රුපියල් 3,600ක් සහ පරා මාළු කිලෝවක් රුපියල් 3,000ක් ලෙස දැක්වුණි.

මීට අමතරව සාලයා මාළු කිලෝවක් රුපියල් 700ක්, ලින්නා මාළු කිලෝවක් රුපියල් 900ක් සහ බලයා මාළු කිලෝවක් රුපියල් 2,000ක් ලෙසද මිල ගණන් සටහන්ව තිබුණි.

මාදැල් ධීවරයින් පවසන්නේ වත්මන් රජය විසින් පනවා ඇති වින්ච් යන්ත්‍ර තහනම හේතුවෙන් තමන්ගේ ජීවනෝපාය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි. කෙසේ වෙතත්, මෙම සත්‍යග්‍රහය තවදුරටත් ඉදිරියට ගියහොත් ඉදිරි දිනවලදී වෙළෙඳපොළේ මාළු මිල තවදුරටත් ඉහළ යා හැකි බවට වෙළෙඳපොළ ආරංචි මාර්ග අනතුරු අඟවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *