Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සංශෝධිත දේශීය ආදායම් පනත් කෙටුම්පතට අනුමැතිය

6 hours ago

රටේ ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමේ අරමුණින්, වත්මන් බදු පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මෙම සංශෝධිත පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් දැනටමත් සකස් කර ඇති අතර, ඒ සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය (Clearance) ද හිමිව ඇත.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව විධිමත් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් නියමිතය.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමැතිය ලබා දී ඇත.

2025 මැයි මස 19 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධ මූලික එකඟතාව පළ වී තිබිණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *