Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වනිඳු වෙනුවට සංචිතයට එක්වන ක්‍රීඩකයා මෙන්න

23 hours ago

ආබාධයකට ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා විස්සයි20 ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කිරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

පසුගිය පෙබරවාරි 8 වැනිදා අයර්ලන්තය සමඟ පැවැති තරගයේදී වනිඳු පාදයේ ආබාධයකට ලක්වූ අතර, ඊයේ සිදුකළ MRI පරීක්ෂණයකදී තහවුරු වූයේ එම ආබාධය තවමත් සුව වී නොමැති බවයි.

ඒ අනුව, වනිඳු හසරංගට මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට සිදුව ඇත. වනිඳු වෙනුවට කණ්ඩායමට කැඳවා ඇති දුෂාන් හේමන්ත මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 5කට සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 3කට සහභාගී වී අත්දැකීම් ඇති දක්ෂ ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ ලෝක කුසලාන තරගය හෙට (12 වැනිදා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඕමානයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *