ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 41ක පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත එම සංස්ථාවේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකු සහ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (10) පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ:
- ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශ්‍රාමික ප්‍රධාන ඉංජිනේරුවරයෙක්.
- එහි වත්මන් යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක්.
- පෞද්ගලික සමාගමක සහකාර කළමනාකාර අධ්‍යක්ෂවරයෙක්.
2016/2018 වකවානුවේ ‘පුනරුදය’ ජාතික වැඩසටහන යටතේ කෙරවලපිටිය කසළ අංගනය සඳහා දිගු බාහු සහිත කැනීම් යන්ත්‍ර (Excavators) දෙකක් මිලදී ගැනීමේදී මෙම දූෂණය සිදුව ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත. සැපයුම්කරු විසින් පැරණි යන්ත්‍රවල කොටස් ගලවා නවීකරණය කර රජයට සපයා ඇති අතර, අදාළ නිලධාරීන් නිසි පරීක්ෂාවකින් තොරව ඒවා භාර ගැනීමෙන් රජයට රුපියල් මිලියන 41ක මූල්‍ය පාඩුවක් සිදුව තිබේ.

සජබ අපේක්ෂකයෙක් ඝාතන තැතට සැකකරුවන් 3ක් සහ සැකකාරියෙක් අත්අඩංගුවට
කොටස් වෙළෙඳපොළ මන්දගාමී වෙයි
ඔස්ට්‍රේලියාවට ජය
රාජගිරියේ සවල් චණ්ඩි 16දා තෙක් රිමාන්ඩ්! ජනප්‍රිය නිරූපණ ශිල්පිණියකගේ පුත්‍රයාත් ඒ අතර!
දීගල සමන්ට අයත් කෝටි ගණනක නිවසක් තහනම් කරයි
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන සාකච්ඡාවක්
වැටුප් හා දීමනා සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් සුබ ආරචියක්
ශ්‍රී ලංකාව සඳහා වන ADB නව අධ්‍යක්ෂවරිය අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
ක්‍රිකට් ලොවම අන්දමන්ද කළ පැය හතරක හෝරාව! දෙවෙනි සුපිරි පන්දුවාරයෙන් ජය සපුරා ගනී!
කස්සප හිමි එළියට
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අද ලැබුණු නියෝගය
අමරකීර්ති ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරයි! විශාල පිරිසකට මරණ දඩුවම නියම වෙයි!