රාජගිරිය කලපළුවාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අනතුරුව ත්‍රීරෝද රථ රියැදුරෙකුට සවලකින් පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිරූපණ ශිල්පිණියකගේ පුත්‍රයා ඇතුලු සැකකරුවන් හය දෙනෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් මෙම මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අද (11) නියෝග කළා.
වැලිකඩ පොලිසිය මගින් සැකකරුවන් හය දෙනා ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළා.
නිරූපණ ශිල්පිණියකගේ පුත්‍රයාගේ හිතවතෙකු මීට මාස කීපයකට ඉහතදී යතුරුපැදියක නැගී රාජගිරිය ප්‍රදේශය හරහා යමින් සිටියදී ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇති බවත් සිද්ධියෙන් පසු එම ස්ථානයට පැමිණි සැකකරුවන් පිරිස ත්‍රිරෝද රථ රියදුරුට පහරදී ඇති බවට මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වන බවද පොලිසිය අධිකරණයට දැන්වුවා.
පහර කෑමට ලක්වූූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වුවා.
පහර කෑමට ලක් වූ ත්‍රි රෝද රථ රියැදුරා වැලිකඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.
මෙම සිද්ධිය මීට මාස තුනකට පමණ පෙරදී සිදුව ඇති බවත් සැකකරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය වී ඇති බැවින් ඔවුන් පෙරෙට්ටුවකට ඉදිරිපත් නොකරන ලෙසත් ඔවුන් ඇප මත මුදා හරින ලෙසත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
පැමිණිල්ල මෙහෙයවූ පොලිසිය හා සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තෙක් එසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළා.

සජබ අපේක්ෂකයෙක් ඝාතන තැතට සැකකරුවන් 3ක් සහ සැකකාරියෙක් අත්අඩංගුවට
කොටස් වෙළෙඳපොළ මන්දගාමී වෙයි
ඔස්ට්‍රේලියාවට ජය
දීගල සමන්ට අයත් කෝටි ගණනක නිවසක් තහනම් කරයි
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන සාකච්ඡාවක්
වැටුප් හා දීමනා සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් සුබ ආරචියක්
ශ්‍රී ලංකාව සඳහා වන ADB නව අධ්‍යක්ෂවරිය අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
සමාගම් ලොක්කෙක් අත්අඩංගුවට
ක්‍රිකට් ලොවම අන්දමන්ද කළ පැය හතරක හෝරාව! දෙවෙනි සුපිරි පන්දුවාරයෙන් ජය සපුරා ගනී!
කස්සප හිමි එළියට
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අද ලැබුණු නියෝගය
අමරකීර්ති ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරයි! විශාල පිරිසකට මරණ දඩුවම නියම වෙයි!