කළුතර සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිට සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය සහ කළුතර දිසා අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා.
එම විමර්ශනවලට අනුව 24 හැවිරිදි නාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ (10) දහවල් බලංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී පසුගිය දෙසැම්බර් මාසයේදී නාගොඩ රෝහල තුළ බන්ධනාගාර රැඳවියෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට තැන් කිරිම සහ දෙහිවල ප්‍රදේශයේදී හෝටලයක හිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවා.
නාගොඩ ප්‍රදේශයේ දී සිදුකළ පුද්ගල ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් කළුතර සහ බලංගොඩ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස සැකකරුවන් අවුරුදු 23 හා 24 වයස්වල පසුවන කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකාරිය වයස අවුරුදු 23ක් වන බොලොස්සගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

කොටස් වෙළෙඳපොළ මන්දගාමී වෙයි
ඔස්ට්‍රේලියාවට ජය
රාජගිරියේ සවල් චණ්ඩි 16දා තෙක් රිමාන්ඩ්! ජනප්‍රිය නිරූපණ ශිල්පිණියකගේ පුත්‍රයාත් ඒ අතර!
දීගල සමන්ට අයත් කෝටි ගණනක නිවසක් තහනම් කරයි
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන සාකච්ඡාවක්
වැටුප් හා දීමනා සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් සුබ ආරචියක්
ශ්‍රී ලංකාව සඳහා වන ADB නව අධ්‍යක්ෂවරිය අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
සමාගම් ලොක්කෙක් අත්අඩංගුවට
ක්‍රිකට් ලොවම අන්දමන්ද කළ පැය හතරක හෝරාව! දෙවෙනි සුපිරි පන්දුවාරයෙන් ජය සපුරා ගනී!
කස්සප හිමි එළියට
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අද ලැබුණු නියෝගය
අමරකීර්ති ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරයි! විශාල පිරිසකට මරණ දඩුවම නියම වෙයි!