ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ 2023 වසරේ සිට 2027 වසර දක්වා කාලය සදහා ඉන්දීය උප මහද්වීපික කලාපයේ රූපවාහිනී විකාශන අයිතිය හා ඩිජිටල් විකාශන අයිතිය විකාශන ආයතන දෙකක් විසින් හිමි කර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත්, විකාශන අයිතිය හිමි කර ගත් ආයතන පිළිබදව හා මිල ගණන් සම්බන්ධයෙන් මෙතෙක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිල වශයෙන් නිවේදනය කර නැහැ.
ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව රූපවාහිනී හා ඩිජිටල් විකාශන අයිතිය වෙනුවෙන් ලැබී ඇති ඉහළම ලංසු දෙකේ එකතුව අනුව ඉදිරි වසර 5 සදහා අයි.පී.එල් තරගාවලියේ විකාශන වටිනාකම සටහන් වන්නේ ඉන්දීය රුපියල් කෝටි 44,075 ක් ලෙසයි.
රූපවාහිනී විකාශන අයිතිය වෙනුවෙන් වූ අවම මූලික ලංසු මුදල (එක් තරගයක් සදහා) ඉන්දීය රුපියල් කෝටි 49ක් ලෙසයි ඉදිරිපත් කර තිබුණේ.
ඩිජිටල් විකාශන අයිතිය සදහා ඉන්දීය රුපියල් කෝටි 33ක මූලික ලංසු වටිනාකමක් ප්‍රකාශයට පත් කර තිබුණා.
නමුත්, වෙන්දේසියේ දී රූපවාහිනී විකාශන අයිතිය එක් තරගයක් සදහා ඉන්දීය රුපියල් කෝටි 57.5ක ලංසුවක් යටතේ ද, ඩිජිටල් විකාශන අයිතිය එක් තරගයක් සදහා ඉන්දීය රුපියල් කෝටි 50ක ලංසුවක් යටතේ ද පිරිනමා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව එක් තරගයක සමස්ත විකාශන වටිනාකම සටහන් වන්නේ ඉන්දීය රුපියල් කෝටි 107.5 ක් ලෙසයි.
වසර 5ක කාලය සදහා තරග 410ක් වෙනුවෙන් මෙම විකාශන අයිතිය පිරිනමා ඇති බව සදහන්.
2018-22 අතර කාලයට අදාළ විකාශන අයිතිය පිරිනමා තිබුණේ එක් තරගයකට ඉන්දීය රුපියල් කෝටි 54.23ක ලංසු මුදලකටයි.
රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීම සදහා එම අයිතිය හිමි කර ගත් ආයතනය ඉදිරි වසර 5ක කාලය වෙනුවෙන් දරනු ලබන සමස්ත මුදල ඉන්දීය රුපියල් කෝටි 23,575 ක් වනවා.
ඩිජිටල් විකාශන අයිතිය ලබා ගැනීම සදහා ඉදිරි වසර 5ක කාලය වෙනුවෙන් එම අයිතිය හිමි කර ගත් ආයතනය දරනු ලබන සමස්ත මුදල ඉන්දීය රුපියල් කෝටි 20,500ක් වනවා.
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 2023 වසරේ සිට 2027 වසර දක්වා කාලය සදහා විකාශන අයිතිය පිරිනැමීම වෙනුවෙන් වූ වෙන්දේසිය ඊයේ දිනයේ දී යි ආරම්භ වුණේ.
රූපවාහිනී විකාශන අයිතිය Disney Star සමාගම විසින් ද, ඩිජිටල් විකාශන අයිතිය Viacom18 සමාගම විසින් ද හිමි කර ගෙන ඇති බවටයි මාධ්‍ය වාර්තා පලව ඇත්තේ.

දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!