ශල්යකර්මයක් සඳහා ශ්රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කළ 9 හැවිරිදි පිරිමි දරුවෙකු ශල්යකර්මයෙන් පසු පියවී සිහිය නොලබාම මියයාම සම්බන්ධයෙන් රෝහලේ කාර්ය මණ්ඩලය වගකිවයුතු බව සඳහන් කරමින් එම දරුවාගේ ඥාතීන් විසින් පොලීසියට පැමිණිලි කර ඇත.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට, හල්තොට, පෙතිගමුව ප්රදේශයේ පදිංචිව සිටි හොරණ ප්රධාන පාසලක සිව්වන වසරේ අධ්යාපනය ලැබූ ධනුජ වික්රමආරච්චි දරුවා ය.
මියගිය දරුවාගේ ඇතිවූ රෝගී තත්ත්වයකට ඔහුගේ දෙමව්පියන් විසින් ශ්රී ජයවර්ධනපුර රෝහලට අනුයුක්ත වෛද්යවරයකු පිළියන්දල වෛද්ය මධ්යස්ථානයකදී චැනල් කර පෙන්වීමෙන් අනතුරුව වෛද්යවරයාගේ උපදෙස් මත ඉකුත් 17 වනදා ඔහු සේවය කරන ශ්රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළු කර තිබූ බව පොලීසිය පැවසීය.
පසුදින දහවල් 01.30ට පමණ අදාළ ශල්යකර්ම සඳහා නිර්වින්දනය කර දරුවාව ශල්යකර්මයට භාජනය කර ඇති අතර, එම ශල්යකර්මය අවසන් වුවද දරුවාට පියවී සිහිය ලැබී නැත.
අනතුරුව දෙමව්පියන් හා ඥාතීන්ගේ බලවත් ඉල්ලීම මත රෝහල් බලධාරීන් විසින් එම දරුවා වැඩිදුර ප්රතිකාර සඳහා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයට එදින සවස 6.45 ට පමණක් ඇතුළු කර ඇති අතර සිව් දිනකට පසු පසුගිය (22) වනදා සවස 4.30ට පමණ දරුවා මියගොස් ඇතැයි ඥාතීන් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

සමන්තුරේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමට අඛණ්ඩ ප්රතිකාර
අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප! ඇප නැතිවූ නඩුවට චාමර ඇතුළට!
සාමාන්ය පෙළ සෞන්දර්ය විෂයන්හි ප්රායෝගික පරීක්ෂණ දින ප්රකාශයට පත් කෙරේ
ජනපති අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයා බලයි
නාමල් රාජපක්ෂගේ නඩු විභාගය අතරතුර ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසූ දේ
සබරගමුව විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස අග්ගමහා පණ්ඩිත ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කෙරේ
සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරයේ සිටින නාමල්ට හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ලිපියක්
ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම ගැන ඇසෙන කතාව
රජයේ ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්යාංශය තීරණය කරයි
නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්
තිස්සකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි