Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජයවර්ධනපුර රෝහලේ සැත්කමක් කළ 9 හැවිරිදි දරුවාට ආපහු සිහිය ඇවිත් නෑ! දින 4කට පසු මියයයි!

2 years ago

ශල්‍යකර්මයක්  සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කළ 9 හැවිරිදි පිරිමි දරුවෙකු ශල්‍යකර්මයෙන් පසු පියවී සිහිය නොලබාම මියයාම සම්බන්ධයෙන් රෝහලේ කාර්ය මණ්ඩලය වගකිවයුතු බව සඳහන් කරමින් එම දරුවාගේ ඥාතීන් විසින් පොලීසියට පැමිණිලි කර ඇත.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට, හල්තොට, පෙතිගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි හොරණ ප්‍රධාන පාසලක සිව්වන වසරේ අධ්‍යාපනය ලැබූ ධනුජ වික්‍රමආරච්චි දරුවා ය.

මියගිය දරුවාගේ ඇතිවූ රෝගී තත්ත්වයකට ඔහුගේ දෙමව්පියන් විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අනුයුක්ත වෛද්‍යවරයකු පිළියන්දල වෛද්‍ය මධ්‍යස්ථානයකදී චැනල් කර පෙන්වීමෙන් අනතුරුව වෛද්‍යවරයාගේ උපදෙස් මත ඉකුත් 17 වනදා ඔහු සේවය කරන ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළු කර තිබූ බව පොලීසිය පැවසීය.

පසුදින දහවල් 01.30ට පමණ  අදාළ ශල්‍යකර්ම සඳහා නිර්වින්දනය කර දරුවාව ශල්‍යකර්මයට භාජනය කර ඇති අතර, එම ශල්‍යකර්මය අවසන් වුවද දරුවාට පියවී සිහිය ලැබී නැත.

අනතුරුව දෙමව්පියන් හා ඥාතීන්ගේ බලවත් ඉල්ලීම මත රෝහල් බලධාරීන් විසින් එම දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයට එදින සවස 6.45 ට පමණක් ඇතුළු කර ඇති අතර සිව් දිනකට පසු පසුගිය (22) වනදා සවස 4.30ට පමණ දරුවා මියගොස් ඇතැයි ඥාතීන් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *