විහාර මහාදේවි උද්යානයේ සත්යග්රහයේ නිරත පූජ්ය උලපනේ සුමංගල හිමි, පූජ්ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණ පරිශ්රයට අද (23) පෙරවරුවේ වැඩම කළහ.
ඒ, එම උද්යානයේ ඉදිරිපිට ඇති බුදු පිළිමය අසල පරිශ්රය ඇතුළු ස්ථාන කිහිපයක සහ මාර්ග කිහිපයක අඛණ්ඩව රැඳීසිටීමෙන් වළකින්නැයි දන්වමින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණ නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් මෝසමක් මගින් කරුණු වාර්තා කිරීමටය.
එමෙන්ම මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි, පූජ්ය තීනියාවල පාලිත හිමි, පූජ්ය විතාරන්දෙණියේ නන්ද හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ කිහිපනමක්ද වැඩමකර සිටියහ.
සිර දඬුවම් නියමවී සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස සත්යග්රහයේ නිරත විහාරමහා දේවී උද්යානය වෙත පැමිණි කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් ඊයේ (22) පස්වරුවේ ඔවුන්ට අධිකරණ නියෝගයක් භාරදුන්නේය.
කෙසේවෙතත් විහාරමහාදේවි උද්යානයේ සත්යග්රහයේ නිරත පිරිසට එම පරිශ්රයෙන් ඉවත්වන ලෙස අධිකරණය නියෝගයක් ලබාදුන්නද භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස තවදුරටත් එහි රැඳී සිටිති.

සබරගමුව විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස අග්ගමහා පණ්ඩිත ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කෙරේ
රක්ෂිත බන්ධනාගාරයේ සිටින නාමල්ට හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ලිපියක්
ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම ගැන ඇසෙන කතාව
රජයේ ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්යාංශය තීරණය කරයි
නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්
තිස්සකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි
වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් නිවේදනයක්
තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ මාලිමා මන්ත්රී රිමාන්ඩ්
රටම කැළඹූ වස් කවිය ගැන පොලිසියෙන් ප්රකාශයක්
ශ්රී ලංකා පිල ලැබූ විශිෂ්ට ජය ගැන සංගක්කාරගෙන් විශේෂ සටහනක්
ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්රබල තත්ත්වයක පවතිනවා -නීතිපතිවරයා අධිකරණයට දැනුම්දෙයි
අන්දමන් ආශ්රිතව පීඩන අවපාතයක් වර්ධනය වෙයි! වැසි තත්ත්වය පහව යන දිනය මෙන්න!