Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ දින ප්‍රකාශයට පත් කෙරේ

1 day ago

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 27 වැනිදා සිට නොවැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සහ කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ අයදුම්පත්වල සඳහන් ලිපිනයන් වෙත යොමු කර තිබෙනවා.

එමෙන්ම, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් ද ප්‍රවේශ පත්‍ර බාගත කරගත හැකියි.

අපරදිග සංගීත විෂයයෙහි ශ්‍රවණ පරීක්ෂණය නොවැම්බර් මස 01 වැනිදා එම විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන මධ්‍යස්ථානවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *