රාජ්ය ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්යාංශය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ, බත්තරමුල්ලේ පැවති රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමිනි.
මේ සඳහා කමිටුවක් ද පත් කර ඇති බව ඒ මහතා සඳහන් කළේය.
රට තුළ ඇති වන ආර්ථික කම්පනයට මුහුණදීම සඳහා ප්රමාණවත් තරම් රුපියල් පවතින බව අනුර කුමාර දිසානායක මහතා කීය.
කෙසේවෙතත් බාහිර කම්පනයකට මුහුණදීමට ආර්ථික ශක්තිමත් නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය.
භාණ්ඩාගාරයට ලැබෙන ධනය පහළට රැගෙනයාම රාජ්ය සේවය විසින් සිදු කළ යුතුය.
ඒ සඳහා ශක්තිමත් රාජ්ය යාන්ත්රණයක් අවශ්ය බවත් වත්මන් ආණ්ඩුව එය දැඩි ලෙස විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා කියාසිටියේය.
කෙසේවෙතත් මෙරට රාජ්ය සේවය ආකර්ෂණය නොවන බැවින් බොහෝ පිරිස් එය අතහැර යන බවත් වෘත්තීයවේදී රඳවාගැනීමට සමත් රාජ්ය සේවයක් රට තුළ ඇතිව නොමැති බවත් අනුර කුමාර දිසානායක මහතා පෙන්වාදෙයි.
එවන් අසීරු පසුබිමක මූලික වැටුප ඉහළ නැංවීමට තීරණය කළ අතර 2027 වසරේදී වැටුප් වැඩි කිරීමට රුපියල් බිලියන 110ක් අවශ්යව ඇති බැවින් මෙම අයවැය ලේඛනයේදී දීමනා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
2028 වසරේදී දීමනා ලබාදීම සම්බන්ධයෙන් විශාල ලෙස අවධානය යොමු කරන බවත් එම වසරේදී මූලික වැටුප වැඩි නොවන බවත් ඒ මහතා කීය.
කෙසේවෙතත් රාජ්ය සේවය තුළ රඳවාගැනීමට අත්යාවශ්ය දීමනා සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇත.
කෙසේවෙතත් වෘත්තීමය රාජ්ය සේවයේ පුරප්පාඩු රැසක් මතුව තිබෙන බවත් දේශපාලන පත්වීම් හේතුවෙන් එම සේවය පහළ මට්ටම් පිරී ඇති බව අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
එබැවින් ඇතැම් රාජ්ය ආයතන වසාදැමීමටත් ඇතැම් ඒවා ඒකාබද්ධ කිරීමටත් තීරණය කර තිබේ.
ඒ අනුව මුදල් අමාත්යාංශය විසින් රාජ්ය ආයතන 34ක් වසාදැමීමට තීරණය කර ඇති අතර මේ සඳහා කමිටුවක් ද පත් කර ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

සබරගමුව විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස අග්ගමහා පණ්ඩිත ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කෙරේ
සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරයේ සිටින නාමල්ට හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ලිපියක්
ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම ගැන ඇසෙන කතාව
නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්
තිස්සකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි
වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් නිවේදනයක්
තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ මාලිමා මන්ත්රී රිමාන්ඩ්
රටම කැළඹූ වස් කවිය ගැන පොලිසියෙන් ප්රකාශයක්
ශ්රී ලංකා පිල ලැබූ විශිෂ්ට ජය ගැන සංගක්කාරගෙන් විශේෂ සටහනක්
ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්රබල තත්ත්වයක පවතිනවා -නීතිපතිවරයා අධිකරණයට දැනුම්දෙයි
අන්දමන් ආශ්රිතව පීඩන අවපාතයක් වර්ධනය වෙයි! වැසි තත්ත්වය පහව යන දිනය මෙන්න!