මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වී ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් අබලි නෞකාව ගොඩගැනීම සඳහා චීන නෞකාවක් හෙට (19) හෝ අනිද්දා (20) මෙරට සාගර කලාපයට පැමිණීමට නියමිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ, එම නෞකාව මාස කිහිපයක් මෙරට සාගර කලාපය තුළ සිටිමින් නෞකාව ඉවත් කර ගැනීමේ කටයුතු සිදුකරනු ඇති බවය.
මේ අතර නෞකාව ගිනි ගැනීමෙන් පසුව විසිරුණු අබලි ද්‍රව්‍ය ආදි වූ සියල්ල මෙට්‍රික් ටොන් 1,700 කට අධික ප්‍රමාණයක් එකතුකර මීගමුව පමුණුගම ප්‍රදේශය ආශ්රිත අපද්‍රව්‍ය ගබඩා කරනු ලබන අංගනයක ගබඩා කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් එම අපද්‍රව්‍ය වෙන්කර දෙපාර්ශවයම එකඟවන රසායනාගාර තුළ ඒවා පරීක්ෂා කර ඉන් පසුව බැහැර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.

රජයේ සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු ගැන නව චක්‍රලේඛයක්
ශ්‍රී පාද වන්දනා වාරය අවසන්
බස් ගාස්තු ඉහළ දමන ලෙස බස් සංගම් ඉල්ලයි
බස් සංගම්වල ඉල්ලීමට ජාතික ගමනාගමන කොමිසමෙන් ප්‍රතිචාර
අද කාලගුණ නිවේදනය
ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
අද අහසේ නිල් සඳක්
නැගණිය ඝාතනය කළායැයි සැකපිට 14 හැවිරිදි අයියා අත්අඩංගුවට
අයි.ඕ.සී සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළ දමයි
සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට
ඉදිරි වසර පහ තුළ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට! එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්!
තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්