Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අභිනව ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරයට රාජකීය පණ්ඩිත පූජ්‍ය අකුරැස්සේ සිරි ධම්මවිමල හිමියන් පත්වෙති

19 minutes ago

අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ගෙන් පුරප්පාඩු වූ ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරය සඳහා රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය අකුරැස්සේ සිරි ධම්මවිමල හිමියන් පත් කර තිබේ.

ඊයේ (21) රාත්‍රියේ රාජෝපවනාරාමයට රැස්වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනුවර දකුණ ප්‍රාදේශීය සංඝ සභාව හා ප්‍රාප්ත මහා සංඝ රතනය විසින් ඒකඡන්දයෙන් උන්වහන්සේව මෙම ධුරයට පත් කර ඇත.

1991 දී මාතර අකුරැස්සේදී උපත ලබා ඇති සිරි ධම්මවිමල හිමියන් 2002 වසරේදී කඩවත රන්මුතුගල මහා විහාරයේදී පැවිදි දිවියට පත්වූහ. රන්මුතුගල ජාතික භික්ෂු අධ්‍යාපන ආයතනයෙන් සහ පේරාදෙණිය පැණිදෙණිය ශ්‍රී භාරතී විද්‍යාතනයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති උන්වහන්සේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව සාමර්ථ්‍යයක්, රාජකීය පණ්ඩිත උපාධිය සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගත් වියත් යතිවරයන් වහන්සේනමකි.

අපවත් වී වදාළ කැප්පිටියාගොඩ සිරිවිමල අනුනායක හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවරයෙකු වන උන්වහන්සේ, වසර 10ක පමණ කාලයක සිට රාජෝපවනාරාමයේ භාරකාර ධුරය දරමින් කටයුතු කර ඇත. උන්වහන්සේ මේ වන විට පේරාදෙණිය පැණිදෙණිය ශ්‍රී භාරතී විද්‍යායතන පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති ලෙස මෙන්ම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනුවර දකුණ ප්‍රාදේශීක සංඝ සභාවේ නිකාය සංවර්ධන ලේඛකාධිකාරී ධුරයේ ද කටයුතු කරති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *