Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ මාලිමා මන්ත්‍රී රිමාන්ඩ්

32 minutes ago

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පොල්ගහවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිනේෂ් සමන්ත කුමාර නමැත්තා එළඹෙන නොවැම්බර් 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) නියෝග කළේය.

සැකකාර මන්ත්‍රීවරයාට අයත් බිස්කට් නිෂ්පාදනාගාරයක සේවය කරන 20 හැවිරිදි තරුණියකට ලිංගික හිරිහැර සිදු කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොතුහැර පොලීසිය විසින් පෙරේදා (21) පස්වරුවේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරු අද පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් උදුම්බරා දසනායක මහත්මිය මෙම රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ නියෝගය නිකුත් කළාය.

සැකකාර දිනේෂ් සමන්ත කුමාර නැමැත්තා 2025 ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පොල්ගහවෙල ප්‍රාදේශීය සභාව සඳහා තේරී පත්වුණු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි. සිද්ධිය සම්බන්ධයෙන් පොතුහැර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

(source – ada derana)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *