මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වී ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් අබලි නෞකාව ගොඩගැනීම සඳහා චීන නෞකාවක් හෙට (19) හෝ අනිද්දා (20) මෙරට සාගර කලාපයට පැමිණීමට නියමිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ, එම නෞකාව මාස කිහිපයක් මෙරට සාගර කලාපය තුළ සිටිමින් නෞකාව ඉවත් කර ගැනීමේ කටයුතු සිදුකරනු ඇති බවය.
මේ අතර නෞකාව ගිනි ගැනීමෙන් පසුව විසිරුණු අබලි ද්‍රව්‍ය ආදි වූ සියල්ල මෙට්‍රික් ටොන් 1,700 කට අධික ප්‍රමාණයක් එකතුකර මීගමුව පමුණුගම ප්‍රදේශය ආශ්‍රිත අපද්‍රව්‍ය ගබඩා කරනු ලබන අංගනයක ගබඩා කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් එම අපද්‍රව්‍ය වෙන්කර දෙපාර්ශවයම එකඟවන රසායනාගාර තුළ ඒවා පරීක්ෂා කර ඉන් පසුව බැහැර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.

සබරගමුව විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස අග්ගමහා පණ්ඩිත ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කෙරේ
සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරයේ සිටින නාමල්ට හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ලිපියක්
ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම ගැන ඇසෙන කතාව
රජයේ ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්යාංශය තීරණය කරයි
නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්
තිස්සකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි
වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් නිවේදනයක්
තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ මාලිමා මන්ත්රී රිමාන්ඩ්
රටම කැළඹූ වස් කවිය ගැන පොලිසියෙන් ප්රකාශයක්
ශ්රී ලංකා පිල ලැබූ විශිෂ්ට ජය ගැන සංගක්කාරගෙන් විශේෂ සටහනක්
ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්රබල තත්ත්වයක පවතිනවා -නීතිපතිවරයා අධිකරණයට දැනුම්දෙයි