Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2024 අලුත් අවුරුදු ලග්න පලාපල - වෘෂභ ලග්නය

2026 වසරේ ලග්න පලාපල – වෘෂභ ලග්නය

4 months ago

එළැඹෙන 2026 වසර ඔබට කොහොම වෙයිද? ලග්න අනුව පලාපල විස්තරය සිළුමිණ පුවත්පත මගින් පළ කර තිබුනේ මෙසේය.

වෘෂභ – මංගල යෝග

ගෘහ ජීවි­තය – ලග්නා­ධි­පති 5 අධි­පති සමඟ යෝගව ගුරුගේ රාශි­යක තැන්පත් වීම අය­හ­පත් නොවේ. 4 වැන්න දැකීම අනුව ගෘහ ජීවි­තය සතු­ටු­දා­යක වන අතර ධෛර්ය සම්පන්න වේ. දේපළ නිවාස ගැටලු විසඳේ. අවි­වා­හක තරුණ තරු­ණි­යන්ට මංගල යෝග උදා­වන ගෙදර දොර නවී­ක­ර­ණ­යක් පෙන්වන යාන වාහන හිමි­වන වර්ෂ­යකි.

රැකියා – රැකියා කාරක මෙන්ම 10 වැන්නේ අධි­පති ද වූ ලග්න­යට යෝග­කා­රක සෙන­සුරු ග්‍රහයා අය­ස්ථා­නයේ ගෝචර වීම සුබ­දා­ය­කය. නව රැකියා බලා­පො­රො­ත්තු­වෙන් සිටින ඔබට භාග්‍ය උද­වෙයි. හෝටල් ක්ෂේත්‍රයේ රැකියා ලාභ හිමිවේ. කෘෂි­ ක­ර්මා­න්තය වුවද දියුණු කර­ගත හැකිය.

අධ්‍යා­ප­නය – පෙර පාසල් වයසේ සිටින දරු­වන්ගේ සිට උසස් අධ්‍යා­ප­නය දක්වා සියලු දරු­වන්ගේ ඉගෙ­නුම වර්ධ­නය වෙයි. නැතිවූ සියලු පාසැල් උප­ක­රණ පරි­ත්‍යා­ග­ශී­ලී­න්ගෙන්, රජ­යෙන් ලැබීමේ භාග්‍ය පිහි­ටයි.

ඔබ රැකි­යා­වෙන් උප­යන මුද­ලින් වැට­කෙයා මලක් බෝධි­යට පූජා කරන්න. විෂ්ණු දෙවි­ඳුන්ට පින් දෙන්න. සිකු­රාදා දින­වල බෝධි පූජා 21ක් තැබී­මෙන් සහ විචිත්‍ර වර්ණ­වත් ඇඳුම් පැලඳුම් අස­රණ අයට පරි­ත්‍යාග කිරී­මෙන් අපල අවම වේ.

(ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ – සිළුමිණ)

මේෂ ලග්නය

වෘෂභ ලග්නය

මිථුන ලග්නය

කටක ලග්නය

සිංහ ලග්නය

කන්‍යා ලග්නය

තුලා ලග්නය

වෘශ්චික ලග්නය

ධනු ලග්නය

මකර ලග්නය

කුම්භ ලග්නය

මීන ලග්නය

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *