Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2025 වසරේ ලග්න පලාපල – තුලා ලග්නය

2026 වසරේ ලග්න පලාපල – තුලා ලග්නය

4 months ago

එළැඹෙන 2026 වසර ඔබට කොහොම වෙයිද? ලග්න අනුව පලාපල විස්තරය සිළුමිණ පුවත්පත මගින් පළ කර තිබුනේ මෙසේය.

තුලා – ඵල­දායී වස­රක්

ගෘහ ජීවි­තය – වික්‍ර­ම­ස්ථා­නය බල­වත්ව චතුර් ග්‍රහ­ යෝ­ග­යක් පිහිටා තිබීම ඔබගේ ආත්ම විශ්වා­සය මෙන්ම අභි­මා­න­යෙන් ජීව­ත්වීම ද පෙන්නුම් කරයි. එළ­ඹෙන වසරේ ඔබට බිය නැතිව ඕනෑම සුබ කට­යු­ත්ත­කට අත තැබී­මට හැකි­යාව ඇත. එය අති­ශය සාර්ථක වනු ඇත. සැඟ­වුණු සහජ දක්ෂතා මතු කරන වස­රකි.

රැකි­යාව – විප­රීත යෝග­ය­කින් සඳු බල­වත්ව අට­වැන්නේ සිටීම විදෙ­ස්ගත රැකියා ඉල්ලුම් කර තිබෙන අයට සතු­ටු­දා­යක පණි­වි­ඩ­යක් දෙනු ඇත. මෙරටේ වුවද සංචා­රක ක්ෂේත්‍රය, අධ්‍යා­ප­නික සමාජ සේවා යන අංශ­වල රැකියා තුලා ලග්න හිමි­ය­නට සහන රැසක් ගෙන දෙයි.

අධ්‍යා­ප­නය – අධ්‍යා­ප­නය ගැන විම­සී­මේදී තුලා ලග්න හිමි ඔබගේ විද්‍යා­ස්ථා­නය වූ 5 වැන්නේ රාහුගේ ගෝචර වීම බාධා සහිත සහ අව­ධා­නය වෙනත් බාහිර දේට යොමු කිරී­මත් පෙන්වයි. පොත­පත කිය­වීම අඩුය. උත්සා­හ­යෙන් යුතුව ප්‍රාථ­මික සහ සා.පෙළ ලියන දරු­වන් වැඩ කළ යුතුය. සෙත් ශාන්ති­ව­ලට යොමු­වීම වැද­ගත්ය.

සිකු­රාදා දින­වල හැකි පමණ බෝධි පූජා තැබී­මත් ශක්‍ර දේවේ­න්ද්‍රයා ඇතුළු සියලු දෙවි­යන්ට පින් අනු­මෝ­දන් කිරී­මත් නිවෙස ඉදි­රියේ කරඳ පැළ­යක් සිටුවා එයට සත්කාර කිරී­මත් අපල අවම කරයි.

(ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ – සිළුමිණ)

මේෂ ලග්නය

වෘෂභ ලග්නය

මිථුන ලග්නය

කටක ලග්නය

සිංහ ලග්නය

කන්‍යා ලග්නය

තුලා ලග්නය

වෘශ්චික ලග්නය

ධනු ලග්නය

මකර ලග්නය

කුම්භ ලග්නය

මීන ලග්නය

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *