එළැඹෙන 2026 වසර ඔබට කොහොම වෙයිද? ලග්න අනුව පලාපල විස්තරය සිළුමිණ පුවත්පත මගින් පළ කර තිබුනේ මෙසේය.
ධනු – පෞරුෂත්වය වර්ධනය වේ
ගෘහ ජීවිතය – ලග්නයේම ගෝචර වී ඇති චතුර් ග්‍රහයන් නිසා ප්‍රාණවත් හා නීරෝගි බව යහපත් මානසික සුවතාවය ඔබට ලැබ දෙයි. ගමන් බිමන්වලින් ප්‍රතිඵලදායක ජයග්‍රහණ අත්වේ. කුසලතා වර්ධනය කෙරෙන මේ වසර ස්වයං රැකියාවක් හෝ ලාභ උපයන ව්‍යාපාරයක් ආරම්භයට සුදුසුය. ගෘහ ජීවිතය අර්ථවත් ලෙස ගත කරන්නට හැකිවේ.
රැකියාව – ඔබට වෛද්‍ය වෘත්තිය, තාක්ෂණය, ඉංජිනේරු වැනි අංශවල රැකියාවන් සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින අතර දැනටමත් මෙවැනි වෘත්තියක නියැළී සිටීනම් උසස්වීම්, වැටුප් වර්ධක හා පිළිගැනීම්වලට භාජනය වනු ඇත.
අධ්‍යාපනය – ඔබ දැනටමත් වෛද්‍යවරයෙකු හෝ වරියක වීමට ඉගෙනීමෙහි යෙදේ නම් අනිවාර්යයෙන්ම එය ඉටුවේ. ඉංජිනේරු තාක්ෂණ අංශවල දරු දැරියන්ට ද දැනුම ශක්තිය වර්ධනය වේ. යහපත් ගුරුවරු ලැබේ.
නිතර කහ පාට මල් පූජා කිරීම, බෝමළුව අමදීම, පැන් කළයක් දැමීම, බෝ පත්‍ර අතින් අහුලා දැමීම, අටපිරිකර පූජා කිරීම, බෙලි මල් රණවරා ආදිය ගිලන්පස පූජා කිරීම, කතරගම දෙවියන්ට පින් දීම සහ වැඩහිටියනට සැලකීම ඔබේ අපල අවම කරයි.
(ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ – සිළුමිණ)

2026 වසරේ ලග්න පලාපල – වෘශ්චික ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මීන ලග්නය
2026 වසරේ ලග්න පලාපල – කුම්භ ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මකර ලග්නය
2026 වසරේ ලග්න පලාපල – තුලා ලග්නය
2026 වසරේ ලග්න පලාපල – කන්‍යා ලග්නය
2026 වසරේ ලග්න පලාපල – සිංහ ලග්නය
2026 වසරේ ලග්න පලාපල – කටක ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මිථුන ලග්නය
2026 වසරේ ලග්න පලාපල – වෘෂභ ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මේෂ ලග්නය