ශ්‍රී ලංකාව සඳහා වන ආසියානු සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂවරිය වන Shannon Cowlin මහත්මිය ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
ඊයේ (10) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇත.
දූත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සඳහා වන ආසියානු සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂ තනතුරට පත් Shannon Cowlin මහත්මියට සුබ පැතුම් එක් කළ අතර ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය අගය කළාය.
ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන වැඩසටහන් සඳහා ADB බැංකුව විසින් ලබාදෙනු ලබන අඛණ්ඩ සහයෝගය ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.
ස්වභාවික විපත්වලින් ඇතිවන බලපෑම් අවම කර ගැනීමේදී ADB බැංකුව වැනි ආයතනවලින් ලැබෙන එවැනි සහයෝගයන්ගේ වැදගත්කම සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, ‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය යටතේ ADB බැංකුව විසින් ලබා දුන් සහාය පැසසුමට ලක් කළා ය.
රට නැවත ගොඩනැගීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු ඇතුළුව සුළි කුණාටු තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය වීමට සූදානම් බව ADB නියෝජිත පිරිස අවධාරණය කළ අතර, අධ්‍යාපන ක්ෂේත්‍රයට අවශ්‍ය සහාය ලබා දීමට සූදානම් බව ද තවදුරටත් සඳහන් කළහ.
මෙම අවස්ථාවට SARDMs හි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Sona Shrestha, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී Cholpon Mambetova, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත බණ්ඩාර, මුදල් අමාත්‍යාංශයේ ආසියානු සංවර්ධන බැංකු අංශයේ අධ්‍යක්ෂ රංජිත් ගුරුසිංහ මහත්ම මහත්මීන් සහභාගී වූහ.

ලංකාව ගැන ඇහෙන සතුටුදායක ආරංචිය
ශ්‍රී ලංකා – ඕමාන් T20 ගැටුම අද
අද තද වැස්සක්
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට තවත් අනුමැතියක් හිමිවෙයි
සජබ අපේක්ෂකයෙක් ඝාතන තැතට සැකකරුවන් 3ක් සහ සැකකාරියෙක් අත්අඩංගුවට
කොටස් වෙළෙඳපොළ මන්දගාමී වෙයි
ඔස්ට්‍රේලියාවට ජය
රාජගිරියේ සවල් චණ්ඩි 16දා තෙක් රිමාන්ඩ්! ජනප්‍රිය නිරූපණ ශිල්පිණියකගේ පුත්‍රයාත් ඒ අතර!
දීගල සමන්ට අයත් කෝටි ගණනක නිවසක් තහනම් කරයි
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන සාකච්ඡාවක්
වැටුප් හා දීමනා සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් සුබ ආරචියක්
සමාගම් ලොක්කෙක් අත්අඩංගුවට