Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ක්‍රිකට් ලොවම අන්දමන්ද කළ පැය හතරක හෝරාව! දෙවෙනි සුපිරි පන්දුවාරයෙන් ජය සපුරා ගනී!

18 hours ago

2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් වාර්තා වූ තියුණුම සටන අද (11) අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී නිමාවට පත් විය. ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර පැවති මෙම තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීමට සුපිරි පන්දුවාර (Super Over) දෙකක් දක්වා යාමට සිදු වූ අතර, අවසානයේ තියුණු ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 187ක් රැස් කළේය. එහිදී රයන් රිකල්ටන් ලකුණු 61ක් සහ ක්වින්ටන් ද කොක් ලකුණු 59ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකානු ඉනිම ශක්තිමත් කළහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 84ක අගනා ඉනිමක් ක්‍රීඩා කළද, පන්දුවාර 19.4කදී ඔවුන් සියල්ලන් දැවී ලකුණු 187ක් ලබා ගැනීම නිසා තරගය සම විය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ පළමු සුපිරි පන්දුවාරය ද සම වීම හේතුවෙන් ජයග්‍රාහකයා තීරණය කිරීම දෙවන සුපිරි පන්දුවාරය දක්වා ඇදී ගියේය.

එම තීරණාත්මක දෙවන සුපිරි පන්දුවාරයේදී වඩාත් සාර්ථක වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්, ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් හමුවේ සිය පීඩනය පාලනය කර ගනිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *