දිවයිනේ පළාත් කිහිපයකට අද (12) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු – මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් මෙලෙස වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වේ.
විශේෂයෙන් නුවරඑළිය, මාතලේ, බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. මීට අමතරව උතුරු පළාතේ ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, එම ප්‍රදේශවල ද ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇති විය හැක.
අළුයම් කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ලංකාව ගැන ඇහෙන සතුටුදායක ආරංචිය
ශ්‍රී ලංකා – ඕමාන් T20 ගැටුම අද
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට තවත් අනුමැතියක් හිමිවෙයි
සජබ අපේක්ෂකයෙක් ඝාතන තැතට සැකකරුවන් 3ක් සහ සැකකාරියෙක් අත්අඩංගුවට
කොටස් වෙළෙඳපොළ මන්දගාමී වෙයි
ඔස්ට්‍රේලියාවට ජය
රාජගිරියේ සවල් චණ්ඩි 16දා තෙක් රිමාන්ඩ්! ජනප්‍රිය නිරූපණ ශිල්පිණියකගේ පුත්‍රයාත් ඒ අතර!
දීගල සමන්ට අයත් කෝටි ගණනක නිවසක් තහනම් කරයි
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන සාකච්ඡාවක්
වැටුප් හා දීමනා සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් සුබ ආරචියක්
ශ්‍රී ලංකාව සඳහා වන ADB නව අධ්‍යක්ෂවරිය අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
සමාගම් ලොක්කෙක් අත්අඩංගුවට