රටේ බදු ඉවත්කරමින් රට බංකොලොත් කළ නායකයාට උදෑසන ඇවිදීම වෙනුවෙන් රුපියල් 150000ක පමණ වියදමක් යන බවත් එම මුදල් ජනතාවගේ බදු මුදලින් ගෙවීමට සිදුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
“අපේ රටට විදේශ විනිමය එන හැම අංශයකමට පහර එල්ල වෙන කොට විපක්ෂයේ අපි කනගාටු වුණත් රජය මේ පිළිබඳව ක්‍රියාත්මක කරනවද කියන එක ගැන ප්‍රශ්නයක් තිබෙනවා.
දූෂණය වංචාව ඉහවහා ගිහිල්ලා. අද කථා කරන්නේ තෙල් ගනුදෙනුවේ දූෂණයක් ගැන ගෑස් ගනුදෙනුවේ දූෂණයක් ගැන. කෝටි ගණන් මේ රටේ මිනිස්සුන්ගෙ අයිතිය දෙන්නේ නැතිව පාලකයන තමනගේ සුඛ විහරණය වෙනුවෙන් තමන්ගේ සාක්කු පුරවා ගැනීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන එක වැරදියි.
ජාත්‍යන්තර සබඳතා ගොඩනැගීම අවශ්‍යයි. ජනාධිපතිතුමා සමුළුවට එක්වීම ගැන ගැටලුවක් නෑ. හැබැයි මාලදිවයිනේ කථා නායකවරයා අපේ කණ්ඩායමෙ ගෙනියන කොට මේ රටේ මිනිස්සු බලනවා මෙකද වෙන්නේ කියලා.හැම කෙනාගෙම බදු වැඩිකරලා.
බදු කපලා මේ රට කාබාසිනියා කරපු නායකයාට පවුලත් එක්ක මැරෙනතුරා ජිවත් වෙන්න අපේ බදු වලින් ගෙවන්න වෙලා. අපි උදේ දකිනවා ඇවිදින්න යනවා හමුදා නිලධාරීන් වටේට යනවා 30ක් විතර. වාහන යනවා පහක් විතර. රජයට අය කරගන්නා බදු මුදලින් දවසට 150000ක් විතර වෙන් කරන්න ඕන උන්දැට අවිදින්න.”
-ada-

විමල්ට ඇප
දිට්වා වන්දිවලින් අල්ලස් ගත් ග්‍රාමසේවක යළි රිමාන්ඩ්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලොකු තෑග්ගක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පිළිබඳව ජනපති කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
වැසි තත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දින වකවානු පිළිබඳව ඉඟියක්
රන් ණය සහ උකස් පහසුකම් සඳහා මහ බැංකුවෙන් සීමා පනවයි
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි
පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ නරුම සැමියා කළ පාපොච්චාරණය