දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට වී ක්රමයෙන් බටහිර දෙසට ගමන් කරමින් පවතින බවත්, මේ හේතුවෙන් දිවයිනේ ප්රදේශ රැසකට දවස පුරාම වැසි අපේක්ෂා කළ හැකි බවත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසයි. අද (22) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
දිවයින ආශ්රිතව පවතින අන්තර් අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් ඇතැම් ප්රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇදහැලෙන අතර, හෙට දිනයේත් දිවයිනේ සෑම ප්රදේශයකටම දවස පුරා අඛණ්ඩව වැසි පවතිනු ඇති බවට අනතුරු ඇඟවේ.
එමෙන්ම, ඔක්තෝබර් 23 වන දින වන විට අන්දමන් දූපත් ආශ්රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වී පීඩන අවපාතයක් බවට පත්වීමේ හැකියාවක් පවතින බව ද අධ්යක්ෂවරයා පෙන්වා දුන්නේය. මෙයින් ශ්රී ලංකාවට සෘජු බලපෑමක් නොමැති වුවද, සුළං ප්රවාහය ශ්රී ලංකාව හරහා ගමන් කිරීම නිසා නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය ඔක්තෝබර් 27 වන දින දක්වා අඛණ්ඩව පැවැතීමට ඉඩ තිබේ.
මීට අමතරව, බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ද පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බැවින්, ඉදිරි දිනවලදී අදාළ මුහුදු ප්රදේශවල ධීවර කටයුතුවල නිරත වන පිරිස්, විශේෂයෙන්ම බහුදින ධීවර යාත්රා පදවන්නන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන්

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්රබල තත්ත්වයක පවතිනවා -නීතිපතිවරයා අධිකරණයට දැනුම්දෙයි
මෙටා සමාගමට ඩොලර් බිලියන 25ක දැවැන්ත දඩයක්!
මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි! ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අහස උසට නගී!
අභිනව ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරයට රාජකීය පණ්ඩිත පූජ්ය අකුරැස්සේ සිරි ධම්මවිමල හිමියන් පත්වෙති
දැදුරු ඔය ගංවතුර මට්ටමට ළංවෙයි
පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි! ප්රචණ්ඩ වෙන කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක්!
සංවර්ධන නිලධාරීන් දීප ව්යාප්ත වැඩවර්ජනයක
ප්රවීණ රංගවේදී රහල් බුලත්සිංහල දිවි ගමනට සමුදෙයි
‘පොලිස්පති අධිකරණය ඇන්දවීමට උත්සහ කරලා’ – පොලිස්පතිට එරෙහිව නඩු පැවරීමට ගම්පහ මහේස්ත්රාත් නියම කරයි
අනුරාධපුර ප්රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
සසුනඹරට අමිල මෙහෙයක් ඉටුකොට නිහඬවම නික්ම ගිය යතිවරයාණෝ
නොරොච්චෝල විදුලි බලාගාරය හෙට සිට ජාතික පද්ධතියට