ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව WTI Crude බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 111.54 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 11.41ක වැඩිවීමක් ලෙස සටහන් වේ.
එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් මිලද ඩොලර් 109 ඉක්මවා ගොස් ඇති අතර, එය ද ඉහළ යාමක් ලෙස වාර්තා වේ.
මේ අතර මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 114.84 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්ය.
මෙම මර්බන් බොරතෙල් ශ්‍රී ලංකාවට විශේෂයෙන් වැදගත් වන්නේ, පසුගිය කාලයේදී වැඩි වශයෙන් එම බොරතෙල් වර්ගය ආනයනය කර තිබීම හේතුවෙන්ය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි නිපදවනු ලබන මෙම බොරතෙල් වර්ගය පිරිසිදු, සැහැල්ලු සහ සල්ෆර් අඩු මට්ටමක පවතින බැවින් පිරිපහදුව සඳහා ඉතා පහසුය.
එමෙන්ම පෙට්‍රල්, ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන වැනි නිෂ්පාදන සඳහාද ඉතා සුදුසු බව විශේෂඥයන් පෙන්වා දෙයි.

ජලය කප්පාදු කරන පැය ගණන සීමා කිරීමට තීරණයක්
ඇමෙරිකාවේ ‘සාමයේ පාගමන’ අප්‍රේල් 21 ලංකාවට! භික්ෂූහු දින හතක් දිවයින පුරා පාගමනින් වඩිති!
සෙව්වන්දිගේ උපන්දින කේක් සිද්ධිය ගැන CIDය පරීක්ෂණ අරඹයි
මහනුවර සිසුන් මියගිය අනතුරේ රියැදුරු රිමාන්ඩ්
GMOA හෙට යළිත් වර්ජනයක් කැඳවයි
ඇමති විජිත සහ රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අතර හමුවක්
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 147 දෙනකු හලාවතදී අත්අඩංගුවට
අමෙරිකානු හමුදා මාණ්ඩලික ප්‍රධානියාට වහාම තනතුරෙන් ඉවත්වන ලෙසට නියෝග
‘GR 11’ සහල් ආනයනය සඳහා ගැසට් නිවේදනයක්
එෂාන් මාලිංගගේ සුපිරි දස්කම් SRH පිලට ජය ගෙන දෙයි
අප්‍රේල් 16 සහ 17 රජයේ සේවකයින්ට ‘Work From Home’ ?
A/L වලට A3ක් ගත්ත 14 හැවිරිදි සුමනධම්ම පොඩි හාමුදුරුවෝ! O/L කරලා තියෙන්නේ අවුරුදු 12න්!