Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

arrest

මහනුවර සිසුන් මියගිය අනතුරේ රියැදුරු රිමාන්ඩ්

42 minutes ago

මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකු ගමන් ගත් යතුරුපැදිය බස් රථයක ගැටී සිදු වූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ එම සිසුන්ගේ අවසන් කටයුතු හෙට (04) පස්වරුවේ සිදු කිරීමට නියමිතය.

හෙට පස්වරු 2.00 ට දේහයන් දෙකම මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය වෙත රැගෙන ඒමට සැලසුම් කර ඇති අතර, එහිදී සිසුන් සහ ගුරු මණ්ඩලය අවසන් ගෞරව දැක්වීමට නියමිතය. අනතුරුව අවසන් කටයුතු හෙට පස්වරුවේ මහනුවර මහයියාව ආදාහනාගාරයේදී සිදු කෙරේ.

මඩුගල්ලේ සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයේ රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *