Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ට්‍රම්ප්ගේ රතු කට්ට පනී

1 week ago

නේටෝ ප්‍රධානී මාර්ක් රුට් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ සංවිධානයට දැඩි ලෙස දොස් පවරා ඇති අතර ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් වූ සිය තර්ජන ද යළි වරක් සිදුකර තිබේ.

මෙම හමුවේදී ට්‍රම්ප් නේටෝ සංවිධානයෙන් ඉවත් වීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කරන්නට ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඉරානයට එරෙහි යුද්ධයේදී නේටෝ මිත්‍ර රටවල් තමන්ට සහය නොදැක්වීම හේතුවෙන් ට්‍රම්ප් දැඩි කෝපයට පත්ව සිටින අතර, වසර අසූවකට ආසන්න කාලයක් පැරණි මෙම ආරක්ෂක සන්ධානයෙන් අමෙරිකාව ඉවත් කර ගනු ඇතැයි යන බිය ද මේ සමඟ මතුව තිබේ.

සාකච්ඡාවෙන් පසු සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් මෙසේ පවසා ඇත,

“අපට ඔවුන්ව අවශ්‍ය වූ මොහොතේ නේටෝව එහි සිටියේ නැත. නැවත අපට ඔවුන්ව අවශ්‍ය වුවද ඔවුන් එහි නොසිටිනු ඇත. දුර්වල පාලනයක් සහිත විශාල අයිස් කුට්ටියක් බඳු ග්‍රීන්ලන්තය ගැන මතක තබා ගන්න!!!”

ඉරාන යුද්ධයට පෙර සිටම ඩෙන්මාර්කය සතු ග්‍රීන්ලන්ත දූපත අත්පත් කර ගැනීමට ට්‍රම්ප් කළ තර්ජනය නේටෝ සන්ධානය තුළ දැඩි නොසන්සුන්තාවයක් ඇති කිරීමට හේතු විය.

මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ රුසියාව සහ චීනය දැඩි උනන්දුවකින් පසුවන අතර, අමෙරිකාව නේටෝවෙන් ඉවත් වීම ඔවුන්ගේ ජයග්‍රහණයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *