නේටෝ ප්‍රධානී මාර්ක් රුට් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ සංවිධානයට දැඩි ලෙස දොස් පවරා ඇති අතර ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් වූ සිය තර්ජන ද යළි වරක් සිදුකර තිබේ.
මෙම හමුවේදී ට්‍රම්ප් නේටෝ සංවිධානයෙන් ඉවත් වීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කරන්නට ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඉරානයට එරෙහි යුද්ධයේදී නේටෝ මිත්‍ර රටවල් තමන්ට සහය නොදැක්වීම හේතුවෙන් ට්‍රම්ප් දැඩි කෝපයට පත්ව සිටින අතර, වසර අසූවකට ආසන්න කාලයක් පැරණි මෙම ආරක්ෂක සන්ධානයෙන් අමෙරිකාව ඉවත් කර ගනු ඇතැයි යන බිය ද මේ සමඟ මතුව තිබේ.
සාකච්ඡාවෙන් පසු සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් මෙසේ පවසා ඇත,
“අපට ඔවුන්ව අවශ්‍ය වූ මොහොතේ නේටෝව එහි සිටියේ නැත. නැවත අපට ඔවුන්ව අවශ්‍ය වුවද ඔවුන් එහි නොසිටිනු ඇත. දුර්වල පාලනයක් සහිත විශාල අයිස් කුට්ටියක් බඳු ග්‍රීන්ලන්තය ගැන මතක තබා ගන්න!!!”
ඉරාන යුද්ධයට පෙර සිටම ඩෙන්මාර්කය සතු ග්‍රීන්ලන්ත දූපත අත්පත් කර ගැනීමට ට්‍රම්ප් කළ තර්ජනය නේටෝ සන්ධානය තුළ දැඩි නොසන්සුන්තාවයක් ඇති කිරීමට හේතු විය.
මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ රුසියාව සහ චීනය දැඩි උනන්දුවකින් පසුවන අතර, අමෙරිකාව නේටෝවෙන් ඉවත් වීම ඔවුන්ගේ ජයග්‍රහණයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා