Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලොතරැයි දිනුම අරගෙන ගෙදර එන ගමන් බෝක්කුවක හැපී මරුට

6 days ago

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් තමන්ට හිමි වූ රුපියල් ලක්ෂ දහයක දිනුම් මුදල ලබාගෙන ආපසු නිවස බලා යමින් සිටි පුද්ගලයෙකු යතුරුපැදි අනතුරකින් මියගොස් ඇති බව හොරණ පොලිසිය පවසනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ හොරණ, පොකුණුවිට වැලිගම්පිටිය ප්‍රදේශයේදීයි

මෙලෙස මියගොස් ඇත්තේ කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි සම්මුගම් ආනන්ද නමැති අයෙක්.

පොලීසිය පවසන්නේ, මියගිය පුද්ගලයා තවත් 24 හැවිරිදි තරුණයෙකු සමඟ කොළඹ සිට හොරණ දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිට ඇති අතර එහිදී යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන පොකුණුවිට පාලම අසල තිබූ බෝක්කුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදිය පැදවූ 24 හැවිරිදි තරුණයා ද බරපතල තුවාල ලබා ඇති අතර, ඔහු මේ වන විට හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *