සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් තමන්ට හිමි වූ රුපියල් ලක්ෂ දහයක දිනුම් මුදල ලබාගෙන ආපසු නිවස බලා යමින් සිටි පුද්ගලයෙකු යතුරුපැදි අනතුරකින් මියගොස් ඇති බව හොරණ පොලිසිය පවසනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ හොරණ, පොකුණුවිට වැලිගම්පිටිය ප්රදේශයේදීයි
මෙලෙස මියගොස් ඇත්තේ කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි සම්මුගම් ආනන්ද නමැති අයෙක්.
පොලීසිය පවසන්නේ, මියගිය පුද්ගලයා තවත් 24 හැවිරිදි තරුණයෙකු සමඟ කොළඹ සිට හොරණ දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිට ඇති අතර එහිදී යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන පොකුණුවිට පාලම අසල තිබූ බෝක්කුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදිය පැදවූ 24 හැවිරිදි තරුණයා ද බරපතල තුවාල ලබා ඇති අතර, ඔහු මේ වන විට හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා.

හෝමූස්හී දී ඉන්දීය නෞකා දෙකක් ආපසු හරවා යවයි
ගමට ගිය අයට කොළඹ එන්න තවත් බස් හා දුම්රිය
‘නෙළුම් කුළුණ’ චිත්‍රපටියේ හොර පිටපත් ගැන අනතුරු ඇඟවීමක්
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුමන්තිරන්ගෙන් දැඩි විවේචනයක්
හෙට හා අනිද්දා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිසට අධිකරණයෙන් දුන් නියෝගය
SF රාජුගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ ඇමති ලාල්ගෙන් රූපවාහිනී ආයතනයකට චෝදනා! මිලියන 10,000ක වන්දියක් ඉල්ලයි!
හිටපු පා.ම. සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්
ඉරානය යළි හෝමූස් සන්ධිය වසා දැමීමට තීරණයක්
දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’