Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි

8 hours ago

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ දරුණු ගණයේ අපරාධකරුවකු වන ‘කරන්දෙණියේ රාජු’ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේ මෙරටට රැගෙන එනු ලැබීය. 

ඝාතන ඇතුළු අපරාධ සිද්ධි 15කට අධික සංඛ්‍යාවකට පොලීසියට අවශ්‍යව සිටින රාජු, ඉන්දියාවේදී එරට ආරක්ෂක අංශ පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු, සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කරන්දෙණියේ සුද්දාගේ සොහොයුරා වෙයි.

ඔහු විවෘත වරෙන්තු 16ක්, ගුවන් ගමන් තහනම් 24ක් මෙන්ම ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදනද ලැබූවෙකි.

කලක් ඩුබායි හි සැඟව සිටි ඔහු ග්‍රීසිය බලා පලායෑමේ අරමුණින් ඉන්දියාවට පැමිණ තිබූ අවස්ථාවේ ජාත්‍යන්තර පොලිසියේද සහාය ඇතිව ඉන්දීය ආරක්ෂක අංශ විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

දිවයිනට රැගෙන ආ  “රාජු ” වැඩිදුර විමර්ශන කටයුතු සඳහා  නාරාහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට රැගෙන ගොස් තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *