මත්ද්‍රව්‍ය තොගයක් සමග ඊයේ (17) දික්ඕවිට වරායට රැගෙන ආ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ දෙවුන්දරදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින්.
ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින යාත්‍රාවක් නාවික හමුදාවේ පරීක්ෂාවට ලක්කෙරුණා.
ඒ අනුව දෙනුවන් පුතා නමැති එම බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදාව, සිය භාරයට ගනු ලැබුවේ සැකකරුවන් 4දෙනෙකු ද සමගයි.
නාවික හමුදා භාරයට ගෙන දික්ඕවිට වරායට රැගෙන ආ බහුදින යාත්‍රාවේ උර 6ක අසුරා තිබූ මත්ද්‍රව්‍ය, හෙරොයින් මත්ද්‍රව්‍ය බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය තහවුරු කරගෙන තිබෙනවා.
හෙරොයින් කිලෝග්‍රෑම් 161කට අධික මත්ද්‍රව්‍ය තොගය සොයා ගත්තේ, පැකට් 150ක සූක්ෂමව අසුරා තිබියදීයි.
ඊට අමතරව යාත්‍රාවේ තිබී චන්ද්‍රිකා තාක්ෂණයෙන් භාවිත කෙරෙන දුරකථනයක් ද සොයා ගැනීමට නාවික හමුදාව සමත් වුණා.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් කෝටි 400කට අධික බව, විමර්ශන නිලධාරීන් සඳහන් කළා.
මෙම යාත්‍රාව පසුගිය මාර්තු මස 31 වැනිදා නිල්වැල්ල ප්‍රදේශයෙන් මුහුදු ගොස් තිබෙන අතර අදාළ මත්ද්‍රව්‍ය තොගය ඉරාන යාත්‍රාවකින් ලැබී තිබෙන බවත් එම යාත්‍රාවෙන්ම ඉන්ධන ලීටර් 1400ක් ද ලබා දී තිබෙන බවත් අනාවරණය වී තිබෙනවා.
යාත්‍රාවේ සිටියදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙවුන්දර සහ ගන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද විමර්ශන නිලධාරීන් සඳහන් කළා.

රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිසට අධිකරණයෙන් දුන් නියෝගය
SF රාජුගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ ඇමති ලාල්ගෙන් රූපවාහිනී ආයතනයකට චෝදනා! මිලියන 10,000ක වන්දියක් ඉල්ලයි!
හිටපු පා.ම. සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්
ඉරානය යළි හෝමූස් සන්ධිය වසා දැමීමට තීරණයක්
දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි