පසුගිය 12 වැනිදා සිට මේ දක්වා දියේ ගිලීම් හේතුවෙන් 26 දෙනෙක් මියගොස් තිබෙනවා.
දිවයිනේ ප්‍රදේශ දෙකකින් ඊයේ (17) දිනයේත් දියේ ගිලීම් වාර්තා වූ අතර, එහිදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබුණා.
මිහින්තලය – මරදන්කුලම වැවේ දිය නෑමට ගිය 55 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස දියේ ගිලී මියගොස් ඇති අතර, ඔහු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහුගේ 11 හැවිරිදි පුත්‍රයා සහ 12 හැවිරිදි තවත් දරුවෙකු වැවෙහි දිය නාමින් සිටියදී එකවරම දියේ ගිලී ඇති අතර, මියගිය පුද්ගලයා ඔවුන් බේරා ගැනීම සඳහා දියට පැන තිබෙනවා.
සිද්ධියෙන් දරුවන් දෙදෙනාට අනතුරක් සිදුව නැහැ.
මේ අතර, දෙහිඕවිට – හිඟුරලකන්ද ප්‍රදේශයේදී සීතාවක ගඟේ දිය නාමින් සිටි 17 හැවිරිදි තරුණයෙකු ද දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබුණා.
මොහු ඥාතීන් පිරිසක් සමග දෙහිඕවිට ප්‍රදේශයේ ඥාතී නිවසකට පැමිණ අදාළ ස්ථානයේ දිය නෑමට ගිය අවස්ථාවේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිසට අධිකරණයෙන් දුන් නියෝගය
SF රාජුගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ ඇමති ලාල්ගෙන් රූපවාහිනී ආයතනයකට චෝදනා! මිලියන 10,000ක වන්දියක් ඉල්ලයි!
හිටපු පා.ම. සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්
ඉරානය යළි හෝමූස් සන්ධිය වසා දැමීමට තීරණයක්
දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි