Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ෂී ජින්පින් ‘ඉතා සතුටින්’

4 hours ago

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව පැවතීම පිළිබඳව චීන ජනාධිපති ෂී ජින්පින් “ඉතා සතුටින් පසුවන බව” ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

එසේම මැයි 14-15 දිනවල චීනයේදී පැවැත්වීමට නියමිත ඔවුන්ගේ හමුව “සුවිශේෂී මෙන්ම ඓතිහාසික හමුවක් වනු ඇති” බවටයි ට්‍රම්ප් පවසා ඇත්තේ.

“බොහෝ දේ සාර්ථක කර ගනු ඇත!” යනුවෙන්ද ඔහු එහි සඳහන් කර තිබෙනවා.

ඉරාන තෙල් මිලදී ගන්නා විශාලතම ගැනුම්කරු වන චීනය, තම තෙල් අවශ්‍යතාවයෙන් සියයට 38ක් පමණ ලබා ගන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහායි.

අමෙරිකාව සමග සාකච්ඡා කරන ලෙස ඉරානයට බලපෑම් කිරීමේදී චීනය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ අතර, පවතින සටන් විරාමයට සහ සාම සාකච්ඡා යළි ආරම්භ කිරීමට තම සහයෝගය පළ කරන බවද චීනය පවසා තිබෙනවා.

_බීබීසී_

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *