වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා සහ ‘ආලෝකා’ සුනඛයා දැකබලා ගැනීමට සහ වන්දනාමාන කිරීමට සාම පාද යාත්‍රාව ගමන් ගන්නා මඟ දෙපස රැස්ව සිටි ජනතාවට අවවාද කර සිටියා.
ඒ, වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව අභියසින් තෙවන දිනටත් අද (24) පෙරවරුවේ ගමන් ආරම්භ කළ අවස්ථාවේදීයි.
එම පරිශ්‍රයේ විශාල ජනකායක් රැස්ව සිටි අතර, ඇතැම් අවස්ථාවලදී පිරිස පාලනය කිරීමේදී නොසන්සුන්කාරී ස්වභාවයක් දක්නට ලැබුණා.
එහිදී මාර්ගය දෙපස මෙම පාද යාත්‍රාවට එක්වූ ජනතාව අමතමින් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටියේ, ආගමික වතාවත්වලදී සංයමය සහ ඉවසීම ප්‍රගුණ කළ යුතු බවයි.
“කරුණාකරලා නිෂ්ශබ්ද වෙන්න, කරුණාකරලා ඔයාලා ඉන්න තැන්වලම ඉන්න. තල්ලු කරන්න එපා. අපි මේ වෙලාවේ කිසිම දෙයක් භාරගන්නේ නැහැ. ඔයාලා ටිකක් ඉවසීමෙන් ඉන්න. ටිකක් කාරුණික වෙන්න…” යනුවෙන් උන්වහන්සේ එහි රැස්ව සිටි පිරිසට අවවාද කළා.

මහින්ද පතිරණට එරෙහි වටගලගේ අපහාස නඩුව කැඳවයි
සජබ ප්‍රබලයෙක් සිය තනතුරුවලින් ඉවත්වෙයි
රුමේෂ් තරංගගෙන් ලෝක මට්ටමේ දක්ෂතාවක්
විදුහල්පති සේවයට බඳවා ගැනීමේ තරග විභාගය කල් යයි
පාප් වහන්සේ කළ ඉල්ලීම
“විශ්වාසභංගය ගේනකන් මන් තාම බලන් ඉන්නවා” – අගමැතිනි හරිනි අමරසූරිය
ප්‍රබල අකුණු සහිත වැසි ගැන කාලගුණයෙන් නිවේදනයක්
ජෝන්ස්ටන්ට ඇප
හිටපු ජනපති රනිල්ගේ නිවසට CIDයෙන් පැමිණෙයි
දන්සැල් සඳහා සෞඛ්‍ය අංශ වෙතින් මාර්ගෝපදේශ මාලාවක්
ඉදිරි දිනවල කාලගුණය සම්බන්ධයෙන් නිවේදනයක්
බොරතෙල් මිල යළි ඉහළට