දිවයිනේ පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයට තාවකාලික විරාමයක් එක් කරමින් ඉදිරි දිනවලදී වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, ඉදිරි දිනවලදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
වැසි සහිත කාලගුණයක් පිළිබඳ බලාපොරොත්තු පළ වුවද, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වියළි කාලගුණයක් පවතින බව වාර්තා වේ. මේ හේතුවෙන් ජල විදුලි උත්පාදනයට සුවිශේෂී දායකත්වයක් සපයන කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.

දන්සැල් සඳහා සෞඛ්‍ය අංශ වෙතින් මාර්ගෝපදේශ මාලාවක්
බොරතෙල් මිල යළි ඉහළට
යෝෂිතගේ නඩුව කල්යයි
මෙන්ඩිස් සමාගම ඉල්ලූ සහනය අධිකරණය ඉවත දමයි
සාගරිකා වාද්දූවේදී පීලි පනී
එවරස්ට් කඳු පන්තියේ ‘කලපතාර්’ තරණය කළ ශ්‍රී ලාංකික පිය පුතු දෙපළ දිවයිනට
අද කාලගුණ නිවේදනය
මැයි 02 වනදාට යෙදී තිබූ රජයේ නිවාඩුව සංශෝධනය කරමින් ගැසට්ටුවක්
සරම්ප රෝගය හිස එසවීමේ අවදානමක්? සෞඛ්‍ය අංශ වෙතින් දැනුම්දීමක්
ඩොලර් මිලියන 2.5ක ගැන මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්
විගමනික ප්‍රේෂණ වාර්තාගත ලෙස ඉහළට
උසස් පෙළ අයදුම්පත් භාර ගැනීම ගැන විශේෂ දැනුම්දීමක්