කටුනායක, හීනටියන ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරතුර අන්තරාදායක අයුරින් රිය පැදවූ තරුණයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අවුරුදු උත්සවයේ පාපැදි තරඟයක් ඉදිරියෙන් ගමන් කර ඇති මෙම කාර් රථය තරඟය නැරඹීම සඳහා මාර්ගය දෙපස රැස්ව සිටි මහජනතාවට හා ඔවුන්ගේ දේපළවලට හානි සිදුවිය හැකි පරිදි අන්තරාදායක අයුරින් ධාවනය වන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
වීඩියෝව සම්බන්ධයෙන් කටුනායක පොලිස් ස්ථානය විසින් සිදු කරන ලද විමර්ශනවලින් පසුව අදාළ තරුණයා සහ කාර් රථය මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මැයි 04වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
කටුනායක පොලිස් ස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විර්මශන සිදු කරයි.

පහළොස් දහසක අල්ලසක් ගත් රජයේ නිළධාරියෙකුට අමතක නොවන දඬුවමක්
අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
සාම පා ගමනේ අද ගමන් මග
මැයි මාසයේ මත්පැන් අලෙවිසැල් වසා තැබෙන දින 3ක් පිළිබඳව දැනුම්දීමක්
මහින්ද පතිරණට එරෙහි වටගලගේ අපහාස නඩුව කැඳවයි
සජබ ප්‍රබලයෙක් සිය තනතුරුවලින් ඉවත්වෙයි
රුමේෂ් තරංගගෙන් ලෝක මට්ටමේ දක්ෂතාවක්
සාම පාගමන බලන්න ආ පිරිසට පඤ්ඤාකර හිමිගෙන් අවවාද
විදුහල්පති සේවයට බඳවා ගැනීමේ තරග විභාගය කල් යයි
පාප් වහන්සේ කළ ඉල්ලීම
“විශ්වාසභංගය ගේනකන් මන් තාම බලන් ඉන්නවා” – අගමැතිනි හරිනි අමරසූරිය
ප්‍රබල අකුණු සහිත වැසි ගැන කාලගුණයෙන් නිවේදනයක්